(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණ කටයුතු සඳහා ඉන්ධන සහ විදුලිය අඛණ්ඩව සැපයීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ප්‍රමාණවත් ප්‍රතිපාදන සපයා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ලිපියක් යොමු කරමින් පෙරේදා(23) ඉල්ලීමක් කළේය.
ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා නොදුනහොත් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන බවද ඔහු සඳහන් කළේය.
ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව යන ආයතනවල ප්‍රධානීන් සමග මැතිවරණ කොමිෂන් සභාව පැවැත්වූ සාකච්ඡාවේදී පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ විදුලිය ලබාදීම සඳහා ප්‍රතිපාදන නොමැති බව ප්‍රකාශ කළ හෙයින් එම ආයතන වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මෙම ඉල්ලීම කළ බවද පුංචිහේවා මහතා කීවේය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය බලාගෙන සිටින බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවසීය.
ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සඳහා අඛණ්ඩව විදුලිය සැපයුමක් අවශ්‍ය වන අතර මැතිවරණ නිලධාරීන්ගේ සහ ඡන්ද අපේක්ෂකයන්ගේ ගමනාගමන කටයුතු සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක්ද එම කාලසීමාවේදී අවශ්‍ය වන්නේය.
මේ අනුව මැතිවරණය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් සහ අඛණ්ඩව විදුලිය සැපයුමක් ලබාදීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව එම ආයතන ප්‍රධානීන්ගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය.
COMMENTS
මැකෝ මැට්ටෙක් වගේ. බැංකු අධිපතිට පුළුවන්ද මැතිවරණ වලට සල්ලි දෙන්න? එහෙනම් වාහන ගෙන්වීමත් බැංකු අධිපතිට කියලා කර ගන්න පුළුවන් නේද?
කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මැතිතුමා පළමුවෙන්ම තමාගේ ඉල්ලීම ඉටුකරන ලෙස අධිකරණයෙන් ඉල්ලන්ට තිබ්බා. මොකද්ද ඉහතකි ආයතනය ලවා ඡන්දය පරක්කු කිරීමට ආණ්ඩුව් තවමත්ඉ තාමක් පහල විදියට උත්සාහ කරමින් සිටිනවා.
මහාපරිමාණ හොකරම් ගැන කතා කරා. මහා පරිමාණයෙන් මේ දකවා මුදල් අච්චුා ගැහුවා. රට බංකොළොත් කරා. නමුත් ඡන්දෙට මුදල් නැහැ කියලා දිගටම බලා ඉන්න හදන එක සාධාරණද?
මෙම මැතිවරණ කොමිසම, ජපතාව පැත්තේ හිටගත් ස්වාධීන කොමිසමක් ලෙස ඉතිහාස ගත වෙනවා.
ඡන්දෙට සල්ලි නොමැතිනම් අපිත් කැමතියි උදව් උපකාර කරන්න. කරුණාකර විශේෂ ගිණුමක් ආරම්භ කරන්න. පාර්ලිමේන්තු මැතිවරණත් ඔය සමගම තියන්න. එවිට මුදල් ඉතුරු වෙනවා.