
(යොහාන් භාසුර)
වෙළෙඳපොළ තුළ ඇති ගෑස්වල ප්‍රමිතිය පරීක්‍ෂා කිරීම සඳහා දිස්ත්‍රික්ක 7 කින් සාම්පල ලබාගෙන ප්‍රමිතිය පරීක්‍ෂා කිරීම සඳහා යොමු කරන බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
ගෑස් සම්බන්ධයෙන් සාමාන්‍ය තත්වයට වඩා දෙයක් පසුගිය කාලයේ රට තුළ සිදුවූ බව පිළිගන්නා බව කී රාජ්‍ය අමාත්‍යවරයා ගෑස්වල ප්‍රමිතිය පරීක්‍ෂ කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වගකීමක් නිසා ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට එම ආයතනය එකඟ වූ බව ද සඳහන් කළේය.
COMMENTS
හොරාගේ අම්මාගෙන් පේන අහන් නැතුව නිවැරැදි අන්දමට සාම්පල් අරගත්තා නම් ඉවරයිනේ...
මේක ලස්සනම කතාව "සාමාන්‍ය තත්වයට වඩා දෙයක් පසුගිය කාලයේ රට තුළ සිදුවූ බව පිළිගන්නා",මෙහෙමහරි පිලිගනනකොට එකෙන් කීදෙනෙක්ට හානී වෙනවද? මේක නවතිනකොට කීදෙනකුට වන්දි ගෙවන්න වෙයිද?
මේක කල් අරන් යට ගහන්න එපා... ආයුබෝවන්. ඔය සාමාන්‍ය මිනිසුන් හැමකෙනෙකුම ඔය වැඩෙන් දැනට ලොකු මාරාන්තික තර්ජනයක දාලා තියෙන්නේ... වෙන රටක නම් මේ වෙනකොටත් ඔක්කොම ගෑස් සිලින්ඩර් ටික රිකෝල් (නැවත මිනිසුන්ගෙන් ලබාගෙන) කරලා. ලිට්‍රෝ එකට ඔය පාරිභෝගික අධිකාරිය මගින් මේ වෙන්කොට දන්වා තියෙන්න ඕනේ මේ වගකීම ගැන...