
(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ ‘ඒම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවෙන් සිදුවූ තෙල් කාන්දුව හේතුවෙන් සමුද්‍රිය පරිසරයට සිදුවූ විනාශය සම්බන්ධ වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙස නීතීපතිවරයා සමුද්‍රීය පරිසර අධිකාරියට හා ඔවුන් සමඟ සමීපව කටයුතු කරන විශේඥයින්ට අද (21) දැනුම් දුන්නේය.
සමුදීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශණී ලහඳපුර මහත්මිය සමඟ සමුදීය පරිසර විශේඥයින් පිරිසක් නීතීපතිවරයා හමුවූ අවස්ථාවේදී නීතීපතිවරයා ඔවුන්ට එලෙස උපදෙස් දුන් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මහත්මිය පැවසුවාය.
බොර තෙල් ප්‍රවාහනය කරමින් සිටියදී ගිනි ගැනීමට ලක්වූ ‘ඒම්.ටී.නිව් ඩයමන්ඩ්’ නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවී ඇති බව වාර්තා වන අතර ඒ හේතුවෙන් සමුද්‍රිය පරිසරයට සිදුවූ විනාශය සම්බන්ධ වාර්තාවක් ලබාදෙන ලෙස නීතීපතිවරයා මීපා ආයතනයට මීට පෙර අවස්ථාවකදී දැනුම් දී තිබිණි.
ඒ අතර මෙම තත්වය පිළිබඳ විමර්ශනය කරන සමුදීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපතිවරිය හා ඒ සඳහා මීපා ආයතනය සමඟ සමීපව කටයුතු කරන විශේඥයින් පිරිසක් නීතීපතිවරයා හමුවූ අතර ඔවුන් සමඟ පැවැති සාකච්ඡාවකදී අදාළ නෞකාවෙන් සිදුවු තෙල් කාන්දුව හේතුවෙන් සමුද්‍රිය පරිසරයට සිදුවූ විනාශය සම්බන්ධ වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙස නීතීපතිවරයා ඔවුන්ට උපදෙස් ලබාදී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.