Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 අප්‍රේල් මස 01 වන සෙනසුරාදා
(දයාරත්න ඇඹෝගම)
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද 48 වන අප්‍රේල් විරු සමරුම පක්ෂයේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) අනුරාධපුර කුබිච්චන්කුලම පිහිටි සිසිල උද්‍යානයේදි පැවැත්වුණි.
උතුරු මැද පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
sirimal Friday, 05 April 2019 09:35 PM
අන්තර් ජාලයේ දැන් විශාල කතා බහක් සංසරණය වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු කණ්ඩායමේ ආශීර්වාදයත් අනුමැතියත් සමඟ පොදුඅපෙක්ශකයාවී මතු යම් දවසක පැවැත්වෙන ජනාධිපති වරණයකට ඉදිරිපත් වුවහොත් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවට. දෙයියන්ටම පෙනීයන් කීවලු.
Reply : 1 29
Vajira Sunday, 07 April 2019 08:31 AM
ජවිපෙ වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරලා තියෙන්නේ. එජාප කැමතිනම් ඒ අපේක්ෂකයාට උදව් කරපුදෙන්. මොකද එජාපයට තනිවම තරග කරලා දිනන්න බැහැ. 2010 දීත් එජාපය ජවිපෙ එකතු වෙලා තමයි ෆොන්සේකා ඉදිරිපත් කළේ. සිරිමල්ලට ජවිපෙ මහින්දට උදව් කරනකොට ශෝක්. මහින්දට විරුද්ධනම් අවුල්. අපිටනම් ඒ දෙගොල්ලන්ගේම වෙනසක් නැහැ.
Reply : 1 109
sirimal Sunday, 07 April 2019 09:05 AM
කවුද අප්පා ජවිපෙ මහින්දට එකතු වෙනකොට ෂෝක් කියල කිවේ? මම කිවේ අන්තර් ජාලයේ තියෙන කතාවක් ගැනයි. ඕකට ඔයහැටි ජුවල් යන්න ඕනයැ. කලින් කට්ටිය වගේ අර "පන්ති පහට" ගියේ නැති ගැම්මට ජවිපෙ වෙලා ඉන්න අලුත් කට්ටිය ඔහොමම තමා හැසිරෙන්නේ. අගමුල පටලවා ගන්නේ නැතුව කටයුතු කලොත් ජවිපෙට බලයට එන්න බැරි උනත් මොනයම් හෝ සුගතියක් තියෙයි. නැත්තන් ඉතින් කලින් වාරවලදී වගේම තමයි. ඡන්දෙන් පස්සේ හූල්ල හූල්ලා ඉන්න තමයි වෙන්නේ ඔන්න.
58 115
Chanak Los angeles Friday, 05 April 2019 10:05 PM
ප්‍රජාතන්ත්‍රවාදීව පත්වුණු රජයකට ආයුධ සන්නද්ධව පහර දී පෙරලා දමන්න ගිය එකට කොහොහොමද විරු සැමරුමක් පවත්වන්නේ ? එදා ආයුධ අතට දීලා අහිංසක ළමයින් බිල්ලට යවපු වික්ටර් අයිවන්ලා අද කෝටිපතියන් වෙලා මදිවාට එදා කලේ අනවශ්‍ය දෙයක් කියා එම මියගිය තරුණ තරුණියන් පාවලා දෙමින් පුවත් පතකට ප්‍රකාශයක් කර තිබෙනු දුටුවා . එම නිසා ඔවුන්ට මෙවෙනි උත්සව පැවැත්වීම තහනම් කල යුතුයි . කාලකන්නියන් විසින් උසිගන්වමින් මියගිය තරුණ තරුණියන්ට පින් පැමිණවීමක් කිරීම තමයි උචිත .
Reply : 105 508
Sanath Kandy Sunday, 07 April 2019 08:39 AM
මීට අවුරුදු 50කට 60කට කලින් ලෝකේ සන්නද්ධ අරගලවලින් තමා සමාජවාදයට ගියේ. කියුබාවේ වුනත් එහෙමයි. අදට ඒ ක්‍රමය ගැලපුනේ නැති වුනාට එදා ඒක තමයි ක්‍රමය... එදා අපේ රටේ අරගලය ජයග්‍රහණය කළානම් විජේවීර සහෝදරයාටත් ෆිදෙල් කස්ත්‍රෝට වගේ ලෝකේ ගෞරව කරයි.
Reply : 6 116
sanath Friday, 05 April 2019 10:51 PM
කාටද ,මේ බොරු කරන්නේ, මේ කට්ටියගේ දැන් විරුවන් ඉන්නේ . කොහෙද ? දන්නවනේ!
Reply : 98 9
kule Friday, 05 April 2019 11:43 PM
1971 කැරැල්ලේදී මියගියේ ලංකාවේ පීඩිත ජනතාව වෙනුවෙන් අරගලයක යෙදුනු තරුනයනුයි. නමුත් එදා කැරැල්ල ආරම්බවෙන අවස්ථාවේදී සංවිධානයේ නායකයින් සිරගෙවල්වල සහ රජයට බාරවීමෙන් ඔවුන්ගේ ජීවිත බෙරගතා එදා ප්‍රදාන පෙලේ නායකයින් කිසි කෙනෙක් පීඩිත ජනතාව වෙනුවෙන් සටන් පෙරමුණට ගොස් ජීවිත පරිත්‍යාග කලේ නෑ ආරක්ෂාව මැද ඉන්න නායකයින්ගේ කීමට ජල ප්‍රහාර කදුළු ගෑස් බටන්පොලු ප්‍රහාරවලට මුහුණදෙන වර්තමාන තරුණ පරම්පරාවට 1971 අරගලය ආදර්ශයක් වේවා.
Reply : 0 113
Ratnamalala Saturday, 06 April 2019 01:15 AM
නන්දන මාරසිංහ සහෝදරයවත් සමරන්න ඇති.
Reply : 0 1
keppetipola Saturday, 06 April 2019 05:30 AM
අර ඉස්සරහින් වාඩිවෙලා ඉන්නේ බුද්ධ පුත්‍රයෝද, නැත්නම් රතු මැරයින්ගේ මාර පුත්‍රයෝද? බුදු දහම වනසන මේ අයට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වා දැන් වත් නායක හාමුදුරුවරුන් මොවුන්ව ශාසනයෙන් නෙරපා දැමිය යුතුයි...
Reply : 277 408
මාවිල්මඩ වජිර හිමි Saturday, 06 April 2019 09:28 AM
එහෙනම් රටේ මහජන දේපළ බිලියන ගණන් මංකොල්ල කාපු එවුන්ගේ, කුඩු කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ ආරක්ෂා කරපු අයගේ රැස්වීම්වලට යන හාමුදුරුවරුද බුද්ධ පුත්‍රයෝ? මේ ඉන්නේ කුඩාපොළ හාමුදුරුවන්ගේ පරම්පරාවේ භික්ෂුන් වහන්සේලා.
Reply : 347 274
ධනුෂ්ක Saturday, 06 April 2019 12:40 PM
එතකොට පාහරයන්ගේ රැස්වීම් වලට යන, ඔවුන්ගේ අතේ පිරිත් නූල් බඳින, තාන්න මාන්න සැප සම්පත් යාන වාහන වෙනුවෙන් පාහරයන්ට කඩේ යන අයට මොකද කරන්නේ? මේ ස්වාමීන් වහන්සේලා මේවට එන්නේ අඩුගානේ ගිලන්පසවත් බලාගෙන නෙමෙයි. රට ගැන තව දුරටත් යම් බලාපොරොත්තුවක් තියාගෙනයි. අඩුගානේ දවල් දානේවත් ලැබුනේ නැතුව අැති.
Reply : 3 120
d.upul Saturday, 06 April 2019 08:03 AM
මෙයාල කළ එක වීරවැඩක් කියනවද?
Reply : 122 386
kule Saturday, 06 April 2019 09:04 AM
ඇයි බස් ලංගම බස් ගිනිතියලා රාජ්‍ය දේපළ විනාශකරලා අහිංසක පොලිස් නිලධාරීන් හමුදා සෙබළුන් මරා දාපු එක..
Reply : 38 115
samira Saturday, 06 April 2019 09:51 AM
හංගගෙන හිටපු බැඳුම්කර වංචාව එළියට ගෙනාවේ මේ ගොල්ලෝ...
Reply : 53 126
ධනුෂ්ක Saturday, 06 April 2019 12:30 PM
01. කැරලි දෙකක් ගැසීම නිසා තරුණ හා පොදු ජනතාව ගැන යම් තරමින් සිතා බැලීමට පාලකයින්ගේ අැස් අැරවීම. 02. අගමැති මහින්ද ගෙන අා කොටින්ටත් බලතල හිමිවන සුනාමි සහන මණ්ඩලය පරාද කිරීම. 03. එ.ජා.ප අාණ්ඩුව උතුරට ලබාදීමට සැකසූ කොටින්ට බලතල හිමි අන්තර්වාර පාලනය පරාජය කීරීම. 04. 2005 මහින්ද මහතා ජනාධිපති ලෙස පත් කර යුද්ධය නිමා කිරීමට ප්‍රබල සහායක් ලබා දීම 05. 17 වන සංශෝධනය ගෙන එ්ම හරහා යම් තරමක් ප්‍රජාතන්ත්‍රවාදය අාරක්ෂා කිරීම. තව ගොඩක් තියනවා එ් ගැන ලිපියක් ලංකාදීපයේම අැති කියවලා බලන්න...
Reply : 67 5
kule Saturday, 06 April 2019 02:41 PM
දනුෂ්ක මහත්තයෝ යුද්දයේ උච්චම අවස්ථාවේදී අනුර බණ්ඩාරනායකවත් ගොනාට අන්දලා එදා මහින්දගේ අයවැය පද්දන්න ගියේ ඔබතුමා කියන දේශප්‍රේමීන් නමුත් කරු ඇතුළු ඒ ජා ප 18 ආණ්ඩුවට සහයෝගය නොදෙන්න අද ලංකාව තවත් ගසා තීරයක් කියා සිතන්න.
31 94
Sanath Kandy Saturday, 06 April 2019 05:46 PM
ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට උතුරු නැගෙනහිර පළාත් වෙන් කිරීම ජවිපෙ මේ රටට දිනා දුන් ලොකුම ජයග්‍රහණයක්.
Reply : 0 113
hesa Saturday, 06 April 2019 07:23 PM
71 කලේ වීර ක්‍රියාවක් තමයි. එකනේ තම විඳවන්නේ. ටිකක්වත් හිත හැදෙන විදියට කතා කරන්නෙත් නැහැනේ. ඒ පරණ පුරුද්ද නැතිව සාමකාමිව කතා කරනවා නම් , මට හිතෙන්නේ තව අසන ලැබෙයි. කොහෙද බනින එකනේ . පොත් මිටියක් උස්සන් යනවා හැමතැනකම. අය වැය ගණන් බල බල අනික් අයගේ මගුල් ගෙවල් වල වියදම් ගැන. පාර්ලිමේන්තුවේ පාළුව යන්න එයාලව තියන් ඉන්නවා ඇති.
Reply : 22 44
Anura Saturday, 06 April 2019 10:59 AM
මේ සමරන්නේ කවුද කියලා දන්නවා ඇතිනේ?
Reply : 0 2
Don Saturday, 06 April 2019 11:40 AM
මේ සමරන්නේ මිනීමරුවෝ සහ රට අගාධයට ඇද දාපු උන් තමයි...
Reply : 203 301
ධනුෂ්ක Sunday, 07 April 2019 01:47 AM
නිකන් මිනීමරුවෝ නමේ අසාධාරනය,අයුක්තියට මර්ධනයට එරෙහිව පාහරයන්ට එරෙහිව යුධ වැදනු අය.කොහොමත් දිනන පැත්තට තමයි කීර්තිමත් ඉතිහාසය ලියවෙන්නේ. අනික් පැත්තට අපකීර්තිය. අරගලය දිනුවනම් අවලාද නගන අයත් මෙතනට මල් අරගන ඒවි.ලෝක ඉතිහාසය තුලත් එහෙමයි. කියවලා බලන්න ටිකක්. රටේ මිනිස්සු අයුධ අරගෙන රටේ පාදඩ පාලකයෝ පන්නලා තියනවා. රුසියාව සහ චීනය ගොඩ ආවේ එහෙම.අපේ රටේ මිනිස්සු තාමත් පාදඩයෝ හුරතල් කරනවා.ඔබගේ දැක්ම අනූව කුමන මිනිසෙක් මැරුවත් මිනීමැරුමක් තමයි. හැබැයි එතකොට කොටි කියන්නෙත් මිනිස් කොටසක්.ඔබ එතකොට රනවිරුවන්ටත් අමත්න්නේ එසේද.කොටි වගේම මේ පාලකයොත් රටට කල විනාශය අපමනයි. සමහර විට වැඩියි.අනාගතයේ මිනිසුන් ඒක තේරුම්ගත් දවසට පිලිතුරු දේවී නියමාකරයාන්
Reply : 121 83
keppetipola Sunday, 07 April 2019 12:42 AM
ලැජ්ජා නැතිව මේ මාර පුත්‍රයෝ කුඩාපොළ හාමුදුරුවන්ටත් අවමන් කරන හැටි. 88/89 ත්‍රස්ත වාදී ක්‍රියා කරන කාලෙත් මේ අයම අපේ පැරණි රජවරුන්ට විරුවන්ට නිගා කරමින් රණබාහු වැනි නම් පෝස්ටර් වල බොරුවට දාගෙන මිනි මරපු හැටි කටත් මතකයි.හොඳයි නේද . මට කියන්න කවදද ජවිපෙ නායකයෝ පන්සල් ගියේ? මොනවද ජවිපෙ බුද්ධාගමට කරලා තියෙන්නේ?
Reply : 126 312
sujeewa Monday, 08 April 2019 10:03 AM
අද දවසේ රටේ කුණු ගොඩ පවා මංකොල්ල කන... ඒක ජනතාවගේ ඔලුව උඩට වටෙනකම්ම එ්කෙන් ගසාගෙන කන, යුද්දේ ඉවර වුනාට පස්සේ ඒක ආශීර්වාදයක් කරගෙන බිලියන ගණනින් ගසාකාපු මහබැංකුව මංකොල්ලකාපු පසු ළමයින්ගේ නිල ඇඳුමෙනුත් ගසාකන මේ පාලකයෝ ජවිපෙට වැඩ හොඳ වෙන්නේ කොහොමද?
Reply : 0 0