IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඔසුසල හිටපු සභාපති ගැන සොයන්න විශේෂ කමිටුවක්

(රන්ජන් කස්තුරි)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රූම් මොහොමඩ් මහතාට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
 
ඉකුත් ආණ්ඩු සමයේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කටයුතු කළ රූම් මොහොමඩ් මහතා ඖෂධ ගෙන්වීමේදී සහ බෙදාහැරීමේදී දූෂණ වංචා කර ඇතැයිද මූල්‍ය අවභාවිතයක් සිදුකර ඇතැයිද යන්න සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව එම කමිටුව මගින් කඩිනම් විමර්ශනයක් කරන බවද එම අමාත්‍යංශය කියයි.

ඉකුත් ආණ්ඩු සමයේ හිටපු සභාපතිවරයා විසින් ඖෂධ ගෙන්වීමේදී හා බෙදාහැරීමේදී  සිදුකර ඇති වංචා දූෂණ පිළිබඳව තොරතුරු එම කමිටුව වෙත ලබාදෙන්නැයි ඒ සම්බන්ධයෙන් දන්නා පාර්ශ්ව වෙතින් ඉල්ලීමක් කරන බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.



අදහස් (5)

ඔසුසල හිටපු සභාපති ගැන සොයන්න විශේෂ කමිටුවක්

sam Wednesday, 27 November 2019 08:58 AM

රාජිතගේ දකුණු අත... හොඳට එකතුවෙලා කොමිස් ගහන්න ඇති...

:       14       344

warunaWednesday, 27 November 2019 09:40 AM

මේ තරම් කුහක තමාගේ අරමුණු වෙනුවෙන් අනෙකා විනාශ කරන මිනිස්සු. රජිත් තරම් නිදහස් සෞඛ්‍ය සේවයට යහපතක් කල අයෙකු ඉතිහාසයේ නැහැ. එය අවිවාදිතයි.

:       619       1153

CiscoWednesday, 27 November 2019 09:56 AM

රාජිත ස්ටෙන්ට් සහ කාච මිල අඩු කළ එක හොඳයි. නමුත් තත්වයෙන් බාල, මිල බෙහෙත් වලට වැඩි මිලක් එන ආකාරයට බෙහෙත් මිලක් නියම කිරීමෙන් බාල බෙහෙත් වෙළෙන්දන් අධික ලාබයක් ලැබීමට සැලැස්වීම සහ ගුණාත්මක තත්වයෙන් උසස් බෙහෙත් වෙළදපලෙන් ඈත්වීම නම් කුහක වැඩක් තමයි.

:       1       122

sumithWednesday, 27 November 2019 10:23 AM

ඔව් සමහර බෙහෙත් වල මිල ගොඩක් අඩු කරා. ඒක එතුමාගේ ගොඩක් හොද දෙයක්.

:       35       3

AdishenWednesday, 27 November 2019 01:18 PM

නරක හොඳ දෙකම කරලා තියෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site