IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දකුණු පළාත් අධ්‍යාපන සේවා නිලධාරීහු 277ක් වැඩ වරති

( ඩී.ජී.සුගතපාල  සහ රවී ලියනගේ

දකුණු පළාතේ අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීහු 277ක් අසනීප නිවාඩු දමා අද  (15) වර්ජනයක යෙදුණහ.

දකුණු පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණියේ නිලධාරිනියක පත් කිරීම මෙයට හේතුවී තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන පරිපාලන නිලධාරී සේවා සංගමය පවසන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමුවන  ශ්‍රේණියේ නිලධාරියෙකු පත්කළ යුතු අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට තුන්වන ශ්‍රේණියේ නිලධාරිනියක පත් කිරීම අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාවටද සම්පූර්ණයෙන්ම පටහැනි බවය.
 
ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙන ආකාරයට පටහැනිව තමන් විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාවයන්ද නොසලකා මෙම පත්වීම කර ඇති බවත් මෙය ආණ්ඩුකාරවරයාගේ නිල බලය අයුතු ලෙස යොදා ගැනීමක් බවත් පරිපාලන නිලධාරිහු පවසති.
 
මෙයට ඉක්මන්  විසඳුමක් නොලැබුණහොත් දීප ව්‍යාප්ත ක්‍රියා මාර්ගයකට යාමට සිදුවන බවත් දකුණු පළාත් අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීහු පවසති.  



අදහස් (2)

දකුණු පළාත් අධ්‍යාපන සේවා නිලධාරීහු 277ක් වැඩ වරති

මුණසිංහ Wednesday, 15 May 2019 09:13 AM

මෙම නිලධාරීන් ගත් ක්‍රියා මාර්ගය ගැන අපගේ ප්‍රසාදය...

:       0       0

Thushara Wednesday, 15 May 2019 09:47 AM

සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැහැ. දේශපාලන ඇඟිලි ගැසීම්. එදා මේදා ..මතුවටත් ඔහොම තමා. උපාධිධාරීන් මහා පාරේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site