(සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආරම්භවී ඇති වැඩසටහනට හා සංවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහය වන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිසුකොෂි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු විය.
ඔහු මෙසේ පොරොන්දු වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ කොටුව ජනපති මන්දිරයේදී අද (1) පස්වරුවේ හමුවූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකාව සමග තිබෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බවද හිදෙකි මිසුකොෂි මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන සහාය පිළිබඳව ජනාධිපතිවරයා තානාපතිවරයාට සිය ස්තූතිය පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා විශ්වාස කරාවි බේරෙවැවෙන් නාපු පුත්තලම් බූරුවන් සහ හම්බන්තොට බයියන්. අර සැහැල්ලු දුම්රිය මාර්ගය හදන්න ගොස් ජපානෙට කළ අපහාසය ඔවුන්ට අමතක නැත.
ජපානය යන් කළගුණ සලකන්න දන්න ජාතියක්.. ඔවුන්ට වචනෙන් කළ උපකාරෙට ඔවුහු ජේ.ආර්. ජයවර්ධනගේ පිළිරූ හදලා ගෞරව කරති. නමුත් නිකන් වගේ දෙන්න හදපු සැහැල්ලු දුම්රිය මාර්ගය ප්‍රතික්ෂේප කර චීනෙ එක සෑදීමට කටයුතු කරපු නිසා කිපී ඇත. ජපානෙන් හම්බවෙන දෙයක් නොමැත.
හැම රටකම කියන්නේ සපෝට් එක දෙන්නම් කියලා.. හැබැයි මේවනතුරු ඇමරිකාවෙන් ලැබුණු ඩොලර් මිලියන 20 විතරයි. වෙන කවුරුත් කරපු දෙයක් නැත...
මේක නම් හතරබීරි කතාවක්...!