(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සිට පිලිපීනයේ මැනිලා නුවරට අද (28)පැමිණියේය.
ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් (Bongbong Marcos) මහතා සමග මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතා සමග හෙට (29) සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැනිලා නුවර දී පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන සහ පිලිපීන නිල සංචාරය නිමා කර සැප්තැම්බර් 30 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.
COMMENTS
බැංකුවේ අධිපති නම් ආයෙ මොනවද සාකච්ඡා කරකර ඉන්නේ. අත්සනක් ගහලා කොළයක් කඩාගෙන එනවා මිසක්... අර අර්ජුනව එක්කන් ගියා නම් ආසියානු සංවර්ධන බැංකුව මුලුමනින්ම සුද්ද කරන් එනවා.
A bag lady wanders around the world !