(රංජන් කස්තුරි)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී සිරිවර්ධන මහතා පත්කර තිබේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිර්දේශ මත සිරිවර්ධන මහතාගේ පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
සී.ජේ.පී සිරිවර්ධන මහතා 1986 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 32 ක කාලයක් සේවය කර තිබෙන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ තනතුරු හෙබවුවකි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.