
(යොහාන් භාසුර)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ජල සැපයුම අද සහ ඊයේ (2) සහ අද (3) අත්හිටුවිමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇතැයි දුම්රිය සේවකයෝ පවසති.
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙසේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ජල සැපයුම අත්හිටුවා ඇති බව කියන දුම්රිය සේවකයෝ බවුසරවලින් සපයන ජලය ප්‍රමාණයත් නොවන බව ද සඳහන් කළහ.
එම දුම්රිය ස්ථානයට අද දිනයේ ද බවුසර හතරකින් ජලය සැපයුව ද එය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මගී ජනතාව අපහසුතාවට පත්ව සිටි බව සේවකයෝ වැඩි දුරටත් කීහ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.