(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අඳුරේ අතපත ගෑවොත් තවත් විනාශයට යන බව ජනාධිපතිවරයා තේරුම් ගෙන ඇතැයි පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේ දී අද (9)පැවසීය.

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව හරි තීන්දු නොගත්තොත්  රටේ අනාගතයට විශාල ප්‍රශ්නයක් බවද අනුර යාපා මහතා කීය.

තවත් ජන නැගිටීමකට ඉඩ තැබීමට පෙර ජනතා ප්‍රශ්න වල සැබෑ ස්වරූපය හඳුනාගත යුතු බව කී මන්ත්‍රීවරයා  දේශපාලනඥයා මීට වඩා විනය ගරුකව දූෂණයෙන් තොර රටක් බිහි කළ යුතු බවද සැබෑ  ජනතා නායකයින් ඇති වන තුරු ජනතාව කිසිම අවස්ථාවක දේශපාලකයන්ට  සමාව දෙන එකක් නැතැයි ද කීය.

රජයේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ජනාධිපතිවරයා ගේ පාර්ලිමේන්තු කතාව පිළිබඳ විවාදයට එක්වෙමින් අනුර යාපා මහතා මේ බව කීය.