(සුජිත් හේවාජුලිගේ)
තරඟාවලි විනිසුරුවන් සඳහා මුදල් ගෙවීමේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මූල්‍ය කළමනාකරු විසින් රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් වංචා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) විශේෂ අවධානය යොමුවී ඇත.
මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන ලෙස කෝප් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට පසුගියදා නිර්දේශ කර ඇත.
කමිටුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාගෙන් කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බවයි.
මේ අතර පාපන්දු සම්මේලනයට 2017 වසරේ සිට නිසි ප්‍රසම්පාදන සැලැස්මක් නොතිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමුවී ඇත.
ආයතනයේ ප්‍රසම්පාදන සැලැස්ම පිළිබඳ වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව නිර්දේශ කර ඇත.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් එහි අලුත්ම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා බාර දෙනු ලැබූ අතර මේ තොරතුරු සඳහන් වන්නේ ඒ වාර්තාවේය.
COMMENTS
රටේ ඉහළම සිට පහළටම හොරකම තමයි. ජනතාව සතු මුදල් මෙහෙම එක එක පුද්ගලයන් අත්පත්කරගැනීම අපරාධයක්... වංචාවේ ප්‍රමාණය පුද්ගල තරාතිරම නොබලා, මහජන මුදල් හොරාකන පුද්ගලයින්ට මරණ දඬුවම ලබාදෙන්න. නැතිනම් මේ රට හදන්න බෑ...
දූෂිත පාලකයෝ රටම හොරාකන කොට අනික් අය නිකම් ඉන්දීවිද ?
මේ අපේ රටේ දුප්පතුන්ගේ බදුමුදලින් අධ්‍යාපනය ලබා, විශ්ව විද්‍යාලවලින් උපාධි ලබාගත් අය... දුප්පත් අපිටම කෙළින ක්‍රමයයි. අපි තමයි එයාලාට උගන්වන්න වියදම් කළේ.. නමුත් දේශපාලකයින්ටත් වඩා ජරාම ජාතියක් බවට පත්වෙලා...