(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ලෝක ප්‍රසිද්ධියට පත්ව සිටින යොවුන් ගායිකා යොහානි ද සිල්වා ඊයේ ( 17 ) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූවාය.
එම හමුවේ දී යොහානි ජනාධිපතිවරයා ඉදිරියේ ' මැනිකේ මගේ හිතේ' ගීතය ඇතුළු ගීත කීපයක් ගායනා කළ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී යොහානිට ඇයගේ ඉදිරි ඉදිරි කටයුතු සදහා සුබ පැතිය. ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූවාය.




COMMENTS
මොලේ පාවිච්චි කරලා වැඩ කලේ නැත්නම් ඔන්න යෝහානිගේ අවසානයේ මුල.
දැන් ඉතිං සජබ ජවිපෙ කොමෙන්ටු හමුදාව යොහානිගේ පලු ඇරීමට නියමිතයි.
ඔව්, මෙච්චරයි අඩු වෙලා තිබුනේ.
දේශපාලනයෙන් තොරව කාගේ උනත් දක්ෂතාවය ඇගයීම සතුටට කාරණයක්.
මොනවා කරන්නද?
ඕන කෙනෙක්, ඕන දෙයක් කියාපු දෙන්.. රටේ අභාවයටම පාර කපන සජබ, ජවිපෙ, සත 5 කට ගණන් ගන්න එපා.. ඔබේ ගමන ඔබ යන්න.. ශ්‍රී ලංකාවේ සංගීත අංශයෙන්.., රට තුළ බලය නිසා නම් දරා සිටියත්, මෙතෙක් මෙතරම් දුරක් යෑමට, කිසිවෙක්ට බැරි වීමත් ඊර්ෂ්‍යා ඇතිවීමට හේතුවක්.." ප්‍රතිචාර වලින් ඒ බව පැහැදිලියි.. මේ කොරෝනා වසංගතය නිසා ලෝකයම ආර්ථිකව කඩා වැටිලා තියෙන අවධියක.. පවා ඒ අවස්ථාවෙන් ප්‍රයෝඡන ගන්න පුලුවන් කියන, අධම කුරීරු මතයේ සිට, කරන අරගල වලට.. (අලුතින් නොවේ 3% අයම තමා රට වටේ යන්නේ, ගුරුන්, ගොවීන්ගේ වෙස් අරන්) ඒ සාප, ආපසු කැරකිලා ඔවුන්ටම විඳවන්න වෙනවා.. (ලෝකයේ ධනවත්ම රටක් වන ජර්මනියේත් විශාලතම AUDI කර්මාන්ත ශාලාවත් මාස ගණන් වහලා.. අරගල නැහැ.. පාරේ නැහැ..)
ප්‍රතිචාර දැක්කාම නම් පුදුමත් හිතෙනවා. ඒ මිනිස්සුන්ට කියලා සතුටක් නිදහසක් ඕනෙම නැද්ද? බලන්න අයෝමා රාජපක්ෂ මහත්මියගේ නිහතමානීකම... යොහානි දුවේ ඔබට ඉතා හොඳ බුද්ධියක් තියෙනවා. කාගෙවත් කතන්දර වලට අහුනොවී ගමන් මග ඉදිරියට යන්න.
වැඩ අලකරන අපේ විරුවාලා...
ශාරුක්කාන්ට ජය වේවා
යොහානි අගය කරනවාට ස්තූතියි. ඒත්, ඒකටත් ඉන්දියාවෙන් අපේ අය අගය කරනකන්ම ඉන්නට වුණා. මීට පස්සේ වත්, ඔය ලක්ෂ ගණනින් වැටුප් ගන්නා උපදේශකවරුන් හා පුරෝහිතවරුන් කියන දේ පමණක් නොඅසා රට ගැන, රටේ තරුණ පරපුර ගැන, ජනතාව ගැන, ජනතාවගේ ප්‍රශ්න ගැන ඔබතුමාම සොයා බලන්න. ඒවා පුරෝහිත හා උපදේශක උපදෙස්වලට වඩා ඔබතුමාට යහපතක් කරාවි...
යොහානිට පාර්ලිමේන්තුවේ උපහාර පිදිය යුතු බව මුලින්ම කිව්වෙ සජබලවේගයෙන් බව විපක්ෂයට බනින මැක්ස් හා හේසා නොදන්නා බව පේනවා.. ඔය දෙන්නාම පාට කණ්නාඩිය ගලවා පුවත්පත් කියවා බලන ලෙසත් රූපවාහිනී පුවත් බලන ලෙසත් කියනවා...
කලින් කෙනා සින්දු කිව්වා, දැන් කෙනා සින්දු අහනවා, යොහානි ඔබට ජය
මම ඇයට තව තවත් ඉදිරියට යන්න ප්‍රාර්ථනා කරමි.