(ඡායාරූප - ළහිරු හර්ෂණ)
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ අද (29) විරෝධතාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කෙරිණි.
එම දසුන් කිහිපයක් පහතින් දැක්වේ.








වැඩිවිස්තර සඳහා පිවිසෙන්න
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ අද (29) විරෝධතාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කෙරිණි.
එම දසුන් කිහිපයක් පහතින් දැක්වේ.








වැඩිවිස්තර සඳහා පිවිසෙන්න
COMMENTS
දැන් වතුර, ගෝඨා අාවොත් උණ්ඩ. අන්තෝ ජටා බහි ජටා නේ..., අනේ පව් කුමක් කරන්නද පින් මඳ නිසා..?
පාලකයෝ කියන විදියට රැකියා විරහිත උපාධිධාරීන් ලංකාවේ නැහැ. එතකොට මේ කවුද?
මේ රැකියා විරහිතයින් වැඩි ප්‍රමාණයක් කලා අංශයෙන් උපාධිය ලබපු අය... ඒ ඉගෙනගත් විෂයයන්ට ගැලපෙන රැකියා රටේ තියනවද? දැන්වත් රැකියාවක් ලබාගත හැකි උපාධි පාඨමාලා සකස් කිරීමට බලධාරීන්ට නුවණ පහළවේවා.. !!!
උපාධිධාරීන් බිහිකරන්නේ රැකියා උත්පාදනය කරන්න කියල නේද කියන්නේ...? එ්ත් අපේ උපාධිධාරීන් නිකම් ඉන්න ආණ්ඩුවේ රැකියා ඉල්ලලා පෙළපාලි යනවා. පුද්ගලික අංශයේ ඕනේතරම් රැකියා තිබුණත් බොහෝ උපාධිධාරීන් ඒවාට යන්න කැමති නැහැ. ගියත් තියෙන වැඩ කරගන්න දැනුමත් මදි කියලා මතයක් තියෙනවා. මේවට උත්තර තියෙන්නේ විශ්වවිද්‍යාලවල සහ පාඨමාලා හදන අයවලුන් අතේ... පුද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න අයවලුන් ආණ්ඩුවේ රැකියා හොයන්නේ නැහැ නේද? පොඩ්ඩක් හිතමු. බැන්නට කමක් නැහැ.
අපගේ අදහස්වලට වැඩි පිරිසක් එකඟ නොවනු ඇත. නමුත් අපගේ අදහස් මෙසේ සඳහන් කිරීමට කැමැත්තෙමු. අප විශ්වාස කරනවා මහජන බදුමුදල් වැයකරමින් නොමිලේ ලබාදෙන නිදහස් අධ්‍යාපනය ලබාදී බලයට පත්වන සෑම රජයක්ම මොවුන්ට රැකියා ලබාදිය යුතුද? නැද්ද? මධ්‍යස්ථව සිතාබැලීම වැදගත් නොවන්නේද? අනික වඩාත් අවාසනාවන්ත කරුණ නම් අපගේ රටේ දැනට තිබෙන අධ්‍යාපන ක්‍රමය රටේ දියුණුව, රැකියාවන් මූලික කරගෙන, තිබෙන ක්‍රමයක්ද යන්න?" අධ්‍යාපන ඔස්තාර්ලා යයි කියන මහෞෂධ පණ්ඩිතයන් ඔලුවෙන් හිටගෙන බැලුවොත් " හොඳයි යන්නය්... එසේ රටට ඔබින අධ්‍යාපන ක්‍රමයක් තිබෙන්නේ නම් මෙවන් විරෝධතා දැක්වීමට සාමාජිකයන් සොයා ගැනීමටවත් නොහැකිවනු ඇත..
මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය...! ඡන්දේ දෙන්නම ඕනේ මේ ආණ්ඩුවටම තමයි.
දැන්වත් වෙනසකට ලැහැස්ති වෙයල්ලා... මේ පව්කාර දේශපාලකයින්ව ගෙදර යවන්න...
දියුණු රටවල, උපාධිධරයෝ ආණ්ඩුවේ රස්සාවක්ම ඉල්ලලා කාලේ කන්නේ නැහැ. අතට අහුවෙන කුමක් හෝ පොඩි රස්සාවක් කරන ගමන්, හෙමින්, හෙමින් හෝ තමන්ගේ ඉලක්කයට සම්ප්‍රාප්ත වෙනවා. සමහරු උපාධියක් නොගත්තත්, පෞද්ගලික අංශයේ රැකියාවන් කරමින්, ඉතා සුඛිතමුදිත ජීවිත ගත කරනවා. ඉංග්‍රීසි දැනුම සහ නව තාක්ෂණය පිළිබඳව දැනුවත් නම් ඕනෑතරම් රැකියාවල් පෞද්ගලික අංශයන්ගෙන් හොයා ගන්න පුළුවන්... හැබැයි ආණ්ඩුවේ රස්සාවල වගේ අයිස් පිට ඉන්න බැහැ. ඒකට ඉතින් ගොඩක් දෙනෙක් කැමති නැහැනේ...
මේ පින්තුර ටික දකිනකොට මට මතක් වුණා. යහපාලන නඩය 2015 ජනාධිපතිවරණේ දිනන්න හදපු සින්දු දෙක... 'රටකට ඕනා අපමණ අගයක් හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්..' 'ආයේ ආයේ නොම ඉවසන්...' මම හිතන්නේ දැන් ඒ ලක්ෂ 62 නාම්බෝ සහ නාම්බියෝ ටිකට සනීප ඇති කියලයි...
දෙනවා කියපු රැකියා දශලක්ෂය දුන්නේ පෝස්ටර් ගහපු අයට විතරද?
නිකන් උගන්වලා තව රස්සා දෙන්නත් ඕනෑද ආණ්ඩුවෙන්?
මේ ගොල්ලෝ රස්සාවල් ඉල්ලන්නේ රජයෙන්මද? පුද්ගලික සමාගම්වලට යන්න කැමති නැද්ද?
හාමුදුරුවන් රැකියා ඉල්ලන්නේ මොකටද?
කැම්පස් එකට තේරුණා කියලා ඔලුවේ අං පැලකරගෙන රටේ ජනතාවටත් කරදරයක් වෙන ලෙස එදා මහපාරේ කෝලම් නැටීමේ ආනිශංස තමයි ඔය ලැබී තියෙන්නේ. තමන්ගේ බුද්ධියට හා දක්ෂකමට සුදුසු, අනාගතයට සරිලන විදිහේ යම් පාඨමාලාවක් නියම සරසවි සිසු සිසුවියන් ලෙස කළා නම් අද ඔය ඉරණම අත් වන්නේ නැහැ නේද? අසරණ ජනතාවගේ බදු මුදලින් නොමිලේ උසස් අධ්‍යාපනය හදාරපු මේ ලෝකල් උගතුන් සිතාගෙන ඉන්න ඇත්තේ ලෝකය පිහිටා තිබෙන්නේ, කැම්පස් එක ඇතුලේ කියා වෙන්න ඇති. මෙවැනි ලෝකල් උගතුන් දේශපාලකයින්ට පන්දමක් අල්ලා රජයේ රැකියාවක් ලබා ගැනීමෙන් අනතුරුව සමාජයට කරන මහා මෙහෙවර ගැන නම් මම මෙතන ලියන්නේ නැහැ. ලොකුකම් පැත්තකින් තියලා තමන්ගේ දෑත දෙපයේ මහන්සියෙන් මේ රටේ ආර්ථිකයට දායක වන්න. නැත්නම්, තමන් උපන් රටට ජාතියට, ලෝකෙට ණය වෙලා තමයි යම් දවසක මියැදෙන්න සිදුවන්නේ...
කාටවත් රජයෙන් බලෙන් උගන්වන්නේ නැහැ.. අවුරුදු විසි ගාණක් වුනාට පස්සේ තමුන් ඇප්ලිකේෂන් දාලා තියෙන උපාධිය වටිනා එකක්ද? නැද්ද? කියන එකේ වගකීම තියෙන්නේ ඒක හදාරන අයට.. අවාසනාවට මේ මොක කිව්වත් වැඩක් නැහැ. තව ටික දවසකින් හරක් ගාල් වගේ තියෙන රාජ්‍ය ආයතනවලට තවත් පුටු පේලි දාලා මේ අයට පත්වීම් දෙනවා.. ඉන් පස්සේ ඒ කිසිම වැඩකට නැති නිකමුන්ට පඩිවෙන්නේ මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සු අමාරුවෙන් ගෙවන බදු මුදල් වලින්...
විශ්ව විද්‍යාල වල තියෙන සමහර පාඨමාලා ආර්ථික සංවර්ධනයට කිසිම වැඩක් නැති අද රැකියා වෙළඳපොලේ කිසිම ඉල්ලුමක් නැති ඒවා. නමුත් එව්වට දහස් ගණනින් තවමත් සිසුන් බඳවා ගන්නවා. රටට වැඩක් ඇති රැකියා වෙළඳ පොලේ ඉල්ලුමක් ඇති පාඨමාලා අලුතින් පටන්ගන්න රජයට සල්ලිත් නැහැ. ඒ වැනි පාඨමාලා මුදල් අයකර හෝ පුද්ගලික විශ්වවිද්‍යාල මගින් ඇරඹීමට ගියොත් මේ පෙළපාලි ගිය පිරිසම එව්වට විරුද්ධවත් පෙළපාලි යනවා. අන්තිමේ මැතිවරණයක් ලංවූ විගස ජනතා මුදලින් පින් පඩි ලබන තනතුරු බිහිකර මේ පිරිසට කිසියම් රැකියාවක් ලබාදී ජනතාව පිට තවත් බරක් පටවනවා. උපාධි ධාරී ඔටුන්න නිසා මේ කිසිවෙකුත් මොන තරම් මුදලක් ලැබුනත් සාමාන්‍ය රැකියාවකට කැමතිත් නැහැ. අන්තිමේ මෙහෙම කඳුළු ගෑස් කක පාරවල්වල ඉන්න වෙලා තිබෙනවා. මෙහි ප්‍රධාන වරද සිසුන් හැදෑරිය යුතු පාඨමාලාව වෙනත් අයවලුන් විසින් තීරණය කිරීමයි. දෙවැන්න එක එක පාඨමාලාව හැදෑරීමෙන් පසුව ඔවුනට ඇති රැකියා අවස්ථා සහ එම රැකියා වලට ඉදිරි වරර පහක් නැතිනම් 10 ක් තුල ඇති ඉල්ලුමේ ප්‍රවනතාව පිලිබඳ දත්ත සිසුනට නොලැබීමයි. රටේ ඉදිරි සංවර්ධන සැලසුම්අනුව මේ දත්ත සැකසීම රජයේ කාරියක්. මේ 225ත් සමග ඒ දේ කල හැකිද?
මේ වගේ අයව පෞද්ගලික ආයතනයකට බඳවා ගත්තොත් ඉතින් ඒ ආයතනයත් විනාශයි. හොඳට නාවලාම යවන්න ඔලුගෙඩියේ තියන ජරාව හොඳට හේදිලා යන්නත් එක්ක.
කැම්පස් එකේ ගතකල වසර කිහිපය මහපාරේ ජොලියෙන් ගතකලා වගේම, ජීවිතයේ ඉතිරි කාලයත් මහපාරේම සතුටින් සුපුරුදු ලෙස ගත කරන්න පින පෑදිලා. අඩුතරමේ මේවා බලලවත්, වර්තමාන විශ්ව විද්‍යාල සිසුන් පාඩමක් ඉගෙන ගන්නවා නම් ලොකු දෙයක්... එ්ත්, එහෙම වෙයි කියලා හිතන්නත් බැහැ. ඒ ගොල්ලෝ හිතාගෙන ඉන්නේත් සියල්ල දත් පණ්ඩිතයින් කියලනේ...
රස්සාවක් නැත්නම් පාරේ උද්ඝෝෂණ නවත්තලා යූ ටියුබ් එකේ තියනවා.. ඒකවත් බලලා හැදෙන්න.
මොවුන් තමයි රටේ ඉන්න අවාසනාවන්තම පිරිස. උපාධීදාරීන්ගෙන් ෆිල්ටර් වෙලා ඉන්න කට්ටිය. උපාධී ගත්ත පලියට මොන රටකවත් රස්සා හම්බෙන්නේ නැහැ. තමන් දැනගන්න ඕනි අලුත් ලෝකයත් එක්ක තමන්න්ගේ දැනුම රස්සාවකට හරියන විදියට ගොඩනගා ගන්න. එතකොට ඔනි තරම් රස්සා තියෙනවා. මේ වගේ ආණ්ඩුවේ රස්සා හිගාකන්න ඕනි නැහැ. මෙහෙම කරන්නේ රස්සා අරගෙන අයිස් ගහන්න බලාගෙන ඉන්න කට්ටිය. කිසිම ආණ්ඩුවේ ආයතනයක රස්සාව කරන අයගේ සේවයේ ඇගයීමක් කරන්නේ නැහැ. පිකටින් කරනවා පඩි වැඩිකරගන්න. එත් තමන් ඇත්තටම සේවයක් කරනවද නැද්ද කියන එක තමන්ගෙන්ම අහන්න ඕනි. ලංකාවේ උපාධීයක් කියන්නේ රස්සාවකට හෝඩියේ පන්තියේ සුදුසුකමක්. තමන් දැනුමෙන් පෝෂණය උනොත් පුද්ගලික අංශයේ ඕනි තරම් රස්සා තියෙනවා. එහෙම ඉහලටම ගිය අය ඕනිතරම් ඉන්නවා.
විශ්ව විද්‍යාලයේ ගිහින් ඉගෙන ගන්නවා කියලා පාරවල් ගානේ උද්ඝෝෂණය කරලා අවුරුදු 4ක්, 5ක් රස්තියාදු වෙවී විභාග පාස්කරලා උපාධි ගත්තු මේ වගේ අයට දෙන්න රස්සාවල් කොහේද තියෙන්නේ? රජයේ රස්සාවල් ඕනෑ නම් පාරට බැහැලා වතුර නාන්න නෙමෙයි තියෙන්නේ. රජයේ ගැසට් එක එක බලලා සුදුසුකම් තියන එකකට දාන එකයි. මේ තරම්වත් දෙයක් තේරෙන්නේ නැති බබාලටද උපාධිදාරීන් කියන්නේ...? අනේ පව්...
ලංකාවේ උපාධියක් අරන් දැන් වැඩක් නෑ වගේ..
මොකක් හරි ත්‍රස්තවාදී වැඩක් කරලා අවනම් ජොබ් එක ගන්න තිබුණා. අර බදුර්දීන්ට ආයේ එයාගේ ජොබ් එක හම්බුනේ !
අපේ රටේ වෘත්තියන් සමාජ මට්ටම මනින එක නවත්තපු දවසට මේ ප්‍රශ්නය විසදැයි. අපේ රටේ තිබුණ වානේ, ටයර්,සිමෙන්ති, ලෝහ,සිනි,කඩදාසි, වැවිලි, පේෂ කර්මාන්ත ,තුනී ලෑලි වැනි විශාල රාජ්‍ය සංස්ථා වැඩ දෙපාර්ත මේන්තු ,සියල්ල විවෘර්ත ආර්ථිකය නිසා විනාශ වුණා. ඒ ප්‍රතිඵල තමා.
අපේ රට මහා පුදුම රටක්. උසස් පෙළ විෂයන් තුනම අසමත් අයට වෛද්‍යවරු ලෙස පත්වීම් ලැබේ. නමුත් උපාධිදාරින්ට කිසිවක් නැත.
දියුණු රටවල, උපාධිධරයෝ ආණ්ඩුවේ රස්සාවක්ම ඉල්ලලා කාලේ කන්නේ නැහැ. උපාධිය කරන අතරතුර පවා අතට අහුවෙන කුමක් හෝ පොඩි රස්සාවක් කරනවා මොකද තමන්ගේ වියදම් කරගැනීමට ඒ මුදල් වැය කරනවා. ලංකාවේ අය පිටරටවල උපාධි ගන්න ගියාම පාරවල් වල පවා වැඩ කරනවා එකේ වරදක් නැහැ. නමුත් ලංකාවේ ඉන්න අයට රජයෙන් මුදලකුත් දීලා මහපොලත් දීලා ගෙවල් වලිනුත් මුදල් ලබා දෙනවා. නිදහස් අධ්‍යාපනය කොතරම් හොද උනත් ලංකාවේ මේ උසස් අධ්‍යාපනය නොමිලේ ලබා දීම එතරම් හොද නැහැ. මම දන්නා ළමයි ඉන්නවා ඉගෙන ගන්න ගමන් හෝටල් වල පවා හවසට වැඩ කරලා මුදල් හොයා ගන්නවා. එයාලගේ වියදමට මේ අය තේරුම් ගන්නේ නැහැ හෙමින්, හෙමින් හෝ තමන්ගේ ඉලක්කයට සම්ප්‍රාප්ත වෙන්න. සමහරු උපාධියක් නොගත්තත්, පෞද්ගලික අංශයේ රැකියාවන් කරමින්, ඉතා සුඛිතමුදිත ජීවිත ගත කරනවා. ඉංග්‍රීසි දැනුම සහ නව තාක්ෂණය පිළිබඳව දැනුවත් නම් ඕනෑතරම් රැකියාවල් පෞද්ගලික අංශයන්ගෙන් හොයා ගන්න පුළුවන්. මේ අය සොයන්නේ ආණ්ඩුවේ රස්සාවල මොකද විශ්‍රාමය හා වැඩ නොකර පඩි ගැනීමේ කාර්ය සදහා පුද්ගලික අංශයේ අයිස් පිට ඉන්න බැහැ. ලංකාවේ රැකියා බැලුවම ඕනෑතරම් තියනවා හැබැයි පුද්ගලික අංශ ඒකට ඉතින් ගොඩක් දෙනෙක් කැමති නැහැනේ...
අවාසනාවක්! ජීවිතය තියෙන්නේ විඳින්න මිස විඳවන්න නොවේ. සෑම කෙනෙක්ටම රැකියාවක් දීම රජයේ වගකීම නොවේ. නමුත් රටේ සිටින රැකියා කළහැකි පිරිසට සරිලන රැකියා උත්පාදනය කිරීම රජයේ ප්‍රධාන වගකීමකි. එලෙසම අධ්‍යාපන ක්‍රමය තුළින් මිනිසුන්ගේ සිතුම් පැතුම් සියල්ල සාම්ප්‍රදානුකූල නොවන මට්ටමකට ගෙන ආයුතුයි. එවිට නව අලුත් විදිහට සිතන සහ නිර්මාණ බිහිකලහැකි ජනතාවක් බිහිවේ. රටේ දියුණුවට වැඩි දායකත්වයක් ජනතාවගෙන් ලැබේ.
ඔය හාමුදුරුවෝ බැරියර් එකක් උස්සන්නේ මොකටද? එයාලට මොකටද රස්සා..?
දැන් කාලේ හාමුදුරුවන් වැඩිහරියක් ඉන්නේ ශාසනය ආරක්ෂා කරන්න නෙවෙයි, උද්ඝෝෂණ කරන්න... ආණ්ඩු පෙරලන්න. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.
මේ රට පුදුම රටක්... නිකම් උගන්නලා, නිකම් පඩි දෙන්න රස්සාවකුත් දීලා පෙන්ෂන් එකකුත් දෙන්න ඕනේ... මොන විහිලුවක්ද? අනුන්ගෙන් රස්සා ඉල්ලන්න නෙවි තමන්ගෙන් අනුන් රස්සාවල් ඉල්ලන් එන විදියට වැඩකරන්න. නවලෝක මුදලාලිගේ ළඟ කී දාහක් උගතුන් වැඩකළාද? මේ රටේ ව්‍යාපාරිකයන් වෙන්නේ පාසල් අත්හැර ගියපු අය. ඒ මිනිස්සු නිසි උපාධිධාරින්... රට හදන්න නම් මේ සෙල්ලම නවත්තන්න ඕනේ එ්කට ආකල්ප වෙනසක් ඕනේ... නමට කැම්පස් ගියාට වැඩක් නැහැ සදාකාලිකව මහපාරේ..
ලෝකයේ කිසිම දියුණු රටක උපන්දා සිට නිදහස් අධ්‍යාපනය දීලා රැකියාවත් බන්දේසියේ තබා දෙන්නේ නැහැ. ඇයි පුද්ගලික අංශයේ රැකියාවලට නොයන්නේ? ඒ ආයතන වල වැඩ කරන්නේ මළපොතේ අකුරු නොදන්නා බූරුතඩියන් නොවෙයි. එතැනත් හොඳට දැනඋගත් මිනිස්සු වැඩ කරන්නේ... මෙතන ප්‍රශ්නය මේ උදවිය සොයන්නේ.., නිකම් ඔහේ යන්තම් වැඩකරලා විශ්‍රාම වැටුප් අතට අරන් පරලොව යන්න. පුද්ගලික අංශයේ වැඩක් නොකර පඩි දෙන්නේ නැහැ. ඉතින් හීනෙන්වත් ඒ වගේ රැකියාවකට කැමති නැහැ.