IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


වකුගඩු බද්ධයෙන් පසු බේත් බොන පිළිවෙළ

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් පසු රෝහලෙන් පිටත්ව යන ඔබට දින 14ක් සඳහා වූ ඖෂධ ඔබගේ සායන පත සමග ලබා දෙයි. හදිසි අවස්ථාවකදී හැරුණු විට ඔබට අවශ්‍ය සියලුම ඖෂධ වර්ග රෝහලෙන් ලබා දෙයි.

රුධිර පරීක්ෂාවට ප්‍රථම ඖෂධ ආරම්භ කිරීමට හැකිද?

ඔබ Tacrolimus (prograf) ලබා ගන්නවා නම් රුධිර පරීක්ෂාවට පැය 12කට පෙර ගත යුතුයි. රුධිර පරීක්ෂාව පෙ.ව. 10.00ට නම් කලින්දා රාත්‍රී 10.00ට අදාල ඖෂධය ලබා ගත යුතු අතර පරීක්ෂණයෙන් අනතුරු බෙහෙත ලබා ගත හැකිය. මෙම උපදෙස්ම cyclosporine ඖෂධය භාවිතයේදීත් ඔබ පිළිපැදිය යුතු වේ. ඔබට යම් ඖෂධ මාත්‍රාවක් ලබා ගත නොහැකි නම් ඊළඟ නියමිත වේලාවට එම මාත්‍රාවම ලබා ගත හැකිය. එය දෙගුණ කිරීමක් සිදු නොකළ යුතුය. එසේම ඔබ පාචනය වැනි අසනීප තත්ත්වයකින් පෙළේ නම් පැය 02ක් ඇතුළත දී ඖෂධය ලබා ගත හොත් එහි ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු නොවේ. එවිට වෛද්‍ය උපදෙස් පිළිපදින්න.

ශල්‍යකර්මයෙන් පසු නිසි ඖෂධ භාවිතයේ වැදගත්කම

පිටස්තර පුද්ගලයකුගේ වකුගඩුවක් ඔබට බද්ධ කොට ඇති නිසා එය ප්‍රතික්ෂේප වීමකින් තොරව සහ ජීවිත අවදානමකින් තොරව පවත්වා ගෙන යාම සඳහා නියමිත පරිදි ඖෂධ භාවිත කළ යුතුය.

බද්ධ කරන ලද වකුගඩුව ඔබගේ සිරුරින් නිපදවෙන ප්‍රතිදේහ මගින් විනාශ වීමක් සිදු විය හැකි අතර ඖෂධ මගින් එය පාලනය වේ. එබැවින් නියමිත මාත්‍රාව, වේලාව පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුය. යම් අවස්ථාවක වෛද්‍ය හේතු මත ඔබ භාවිත කරන ඖෂධයක් සඳහා වෙනත් ඖෂධයක් නියම කිරීමට සිදු වේ. එය සායනයේ වෛද්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරේ.

වෛද්‍ය උපදෙස්වලට පටහැනිව ඖෂධ නතර කිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු නොකළ යුතුය. ඔබේ රුධිරයේ ඖෂධ ප්‍රමාණය මත ඖෂධ වෙනස් කිරීමක් වෛද්‍යවරයාට කළ හැකිය. එවන් අවස්ථාවක අදාල රුධිර පරීක්ෂණද  සිදු කරයි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

වකුගඩු බද්ධයෙන් පසු බේත් බොන පිළිවෙළ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 117 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 962 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2570 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site