IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ප්‍රධාන රිය පුහුණුකරු පැදවූ වෑන් රිය දුම්රියේ ගැටෙයි

(එම්.සුසිල් ප්‍රියන්ත)

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ කන්දෙගොඩ කැපූ ඇළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී රියදුරු පුහුණු පාසලකට අයත් වෑන් රථයක් දුම්රියක ගැටී එම රියදුරු පුහුණු පාසලේ ප්‍රධාන රිය පුහුණුකරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කල බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මාතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රුහුණු කුමාරී දුම්රියේ මේ වෑන් රථය ගැටී ඇති බවද පොලීසිය කියයි.

මේ අනතුරින් තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ කලුවඩුමුල්ලේ පදිංචි අයකු බවත් ඔහු සිය නිවසේ සිට අම්බලන්ගොඩ බලා යමින් සිටියදී මේ අනතුරට ලක්ව ඇති බවත් පොලීසිය කියයි.

මේ අනතුරින් වෑන් රථයට දැඩි අලාභහානි සිදුවී ඇති බවත් පොලීසිය කියයි.

ආධුනිකයින්ට රිය පුහුණුව ලබාදෙන රියදුරු පුහුණු පාසලක  ප්‍රධාන රිය පුහුණුකරු මෙසේ අනාරක්ෂිත ලෙස රිය ධාවනයේ යෙදීම ඉතාම කණගාටුදායක බවද පොලීසිය කියයි.

අපරීක්ෂාකාරී රිය ධාවනයේ යෙදීම සම්බන්ධයෙන් මේ රියදුරු පුහුණු පාසලේ ප්‍රධානියා මෙන්ම එහි ප්‍රධාන රිය පුහුණුකරුවූ තැනැත්තාට එරෙහිව නීතිමය කටයුතු කරන බවද පොලීසිය කියයි.

 



අදහස් (14)

ප්‍රධාන රිය පුහුණුකරු පැදවූ වෑන් රිය දුම්රියේ ගැටෙයි

Ruhunu Sunday, 28 November 2021 10:46 AM

අර අධිවේගයේ බස් රියදුරන් දෙදෙනාත් මේ රියදුරු පාසලෙන්ද දන්නේ නැහැ රියදුරු බලපත්‍ර ගත්තේ....?

:       0       6

Sanju Sunday, 28 November 2021 10:46 AM

මම වගකීමෙන් කියන්නේ.. ලංකාවේ රිය අනතුරුවලින් 90% ක්ම නුසුදුසු රියපුහුණු පාසල් සහ පුහුණුකරුවන්ගේ වරදින් සිදුවන ඒවා...

:       1       14

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 28 November 2021 10:56 AM

අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මෙරට බොහොමයක් තිබෙනු දැකගත හැකිය. මේ නිසා වාර්ෂිකව සිදුවෙන අනතුරු සංඛ්‍යාව බොහෝය. ප්‍රධාන වගකිව යුත්තන් වනුයේ, රජය හා දුම්රිය දෙපාර්තමේන්තුවයි. කරුණු කාරණා එසේනම්, පොලීසිය අනනතුරට ලක්වූ අයට නීතිමය පියවර ගැනීම සුදුසු වන්නේද?

:       5       4

Arjuna Sunday, 28 November 2021 04:01 PM

මෙය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක්...

:       0       3

සමිත සේනක අලුත්ගමගේ.Sunday, 28 November 2021 05:09 PM

ස්තුතියි ඔබතුමාට.. අනාරක්ෂිත දුම්රිය මාර්ග වෙනුවට ගේට්ටු යනුවෙන් සටහන් වූයේ ප්‍රමාද දෝෂයකිනි.

:       0       3

ලුම්බිණි Sunday, 28 November 2021 11:13 AM

මෙන්න පුහුණුව ලබාගන්න නම් නියම රියදුරු පාසල...

:       1       6

mahinda Sunday, 28 November 2021 11:35 AM

ඒකත් හරියට අපේ රටේ ආණ්ඩුව වගේ අනුන්ට වැදි බණ දෙසමින් තමන් මහා අපරාධවල යෙදේ...

:       2       8

පැරකුම් Sunday, 28 November 2021 12:54 PM

අහන්න දෙයක් නෑ... ගුරා හිටගෙන කරනකොට ගෝලයින් දුව දුව කරනවාලු. අන්තිමට අපි තමයි අමාරුවේ…!

:       1       10

ශාන්ත Sunday, 28 November 2021 02:41 PM

මොහුට රියදුරු පාසලක් පැවැත්වීමට බලපත්‍රය දුන්නේ කවුද මෙම පුද්ගලයාගේ රියදුරු පුහුණු පාසලේ බලපත්‍රය අවලංගු කළ යුතුයි.. තවත් සමහරක් පුහුණු කරුවන් සාමාන්‍ය පෙළ විභාගයට පසුව රියදුරු බලපත්‍රය ගෙන රියදුරු පාසලේ ඉගැන්වීම කරනවා කිසිම පළපුරුද්දක් නැහැ...

:       0       3

Nimal Ambalangoda Sunday, 28 November 2021 03:36 PM

ඔබටද මෙලෙස පුහුණු විය හැකි​ය....

:       0       3

Ratne Sunday, 28 November 2021 04:15 PM

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී, රිය පුහුණුකරුවූ තැනැත්තාට එරෙහිව නීතිමය කටයුතු කරන බවද පොලීසිය කියයි...?

:       2       0

සිසිර Sunday, 28 November 2021 05:17 PM

අනාරක්ෂිත යන වචනය අවභාවිතා කිරීම මෙවැනි අනතුරකට පසු දැකිය හැකියි. අනතුරු හඟවන රතු සිග්නල් වලට අවනත නොවන රියැදුරන්ගේ ඉරණම ඔවුන්ම විසඳා ගනිද්දී ඊට දුම්රිය දෙපාර්තමේන්තුව හෝ රජය පළි නැත. ඒ ඒ ස්ථානයේ වාහන ගමනාගමනය අනුව ගේට්ටු, ගුවන් පාලම් හෝ සිග්නල් ලාම්පු සවිකිරීම කර තිබේ. එසේම මොවුන් පුහුණු කරන අයටත් දෙවියන්ගේ පිහිටයි. වාහනය නවතා දෙපස බලා ජනෙල් ඇර බලා සවන්දී රාත්‍රී නම් විදුලි පහන්ද නිවාබලා දුම්රිය හරස් මගක් පසුකළ යුතු බව ලංගම රිය උපදේශකවරු අපට කියාදුන් ආකාරයයි. බදුගෙවන ජනතාවගේ මුදල් මසකට ලක්ෂ 05ක් වත් වැයකොට සේවකයින් යෙදවීම දිනකට වාහන කීපයක් යන තැනකට ප්‍රායෝගික නොවේ...

:       0       8

69lakshaya Sunday, 28 November 2021 11:29 PM

කොහෙවත් යන කෝච්චියක් ඇවිල්ලා වෑන් එකේ හැප්පුවට වෑන් රියදුරු මොනවා කරන්නද.?

:       0       0

Sagara dissanayaka Wednesday, 01 December 2021 04:04 PM

නුවර දසුනි ලර්නස් එකේත් පාර හරහා යු ටර්න් ගහනවා ලමයි ලව්වාම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31119 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13248 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 44 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site