(අංජුල මහික වීරරත්න)
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ දැනුම් දීම කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසූයේ මැතිවරණ වැඩ කටයුතු කරගෙන යන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.
පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර,සභාපති වජිර අබෙිවර්ධන මහත්වරු ප්‍රමුඛ එජාප කළමනාකරණ මණ්ඩලය මෙම හමුවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියනකන් අපිට කිසිම විශ්වාසයක් නැහැ . තිබුණොත් අන්ත පරාජයක් හම්බුවෙන බව දන්නවා . ගියපාර හම්බුඋන ඡන්ද ටික වත් ලැබෙන්නේ නැහැ .
මෙයාට ටියුබ් ලයිට් ද කොහෙද.
කවුරුත් ඡන්දයකට සූදානම් වෙලා ඉන්නේ. අපට බය තිබෙන්නේ සූත්තර පුංචා තවත් කුමක් හෝ ගැටයක් ගසා ඡන්දය කල්දාවිද යන්නයි.
සුත්තර පුංචාගේ අන්තිම චන්දය !!! චන්දයෙන් පස්සේ කෙලින්ම බලු කුඩුවට.....ඒ කාලේ මරපු කොල්ලන්ගේ කෙල්ලන්ගේ මුහුණු පෙනෙනවාලු රෑට රෑට .... මේ උඹේ අවසාන දින කිහිපයයි...
කුකුලා බිත්තර රැකලා ඉවරද කිකිලිවගෙ මේදාපාරඑලියට එන්නෙ රතුපාට කට්ටිය එලියට.
අනේ නිකන් යන්න මහත්තයෝ
ඔහේගේ පක්ෂය දැන් අලිය ගිලපු දිවුල් ගෙඩිය වගේ.
ඡන්දෙ තිබ්බට ප්‍රතිඵල බලන්න වෙන්නේ මාලදිවයිනට වෙලා තමයි.
මිනිස්සු රට ගිහින් එවන සල්ලි වලින් පොඩි ජොලියක් දාන්න වගේ යන්නේ. කාලකනින් රට කෑවා මදිවට තව බාල් නටනවා.
ඇයි IMF එකෙන් ලැබෙන්න යන ණය පෙන්නලා මිනිස්සුන්ගේ ඡන්ද කඩාගන්න වගේ යනනේ.
හොර ඡන්ද ටිකක් දාගෙන පින් පඩිය ස්ථිර කරගන්න වගේ යන්නේ.
මිනිස්සු මුලා කරන්න දෙපැත්තකට වුණු රනිලුයි සජිතුයි ආයෙත් එකතු වෙලා අපිව ගොනාට අන්දන්න යන්නේ? මේ ඊයේ පෙරේදා එකතුවෙලා කුටු කුටු ගෑවේ ඕකට තමයි. වෙන් වෙද්දිත් ඔය විදියටම කුටු කුටු ගෑවා. යාන්තම් හරි තර්ජනයක් වෙයි කයලා හිතපු මෛත්‍රීපාලගෙත් තටු කැපුවා. අංකූරෙක්ම තමයි.
Mr. President, don't misuse Presidential Secretariat for politics !
ඔය කියන්නෙ ළගදීම පළාත් පාලන මැතිවරණය නොතියා මහ මැතිවරණය තියනවා කියලා තමයි හිතන්නේ. එනිසා දැනට කණ්ඩායම් රාශියක් (සජබ ,ජාජබ ,පාඨලී වෙල්ගම කල්ලිය , පීරිස්ගේ උතුරු දකුණු කල්ලිය බලයට එන්න සූදානම් නිසා පොහොට්ටුවන්ට වාසියක් වේවි. ඒක සමහර ගම්වල කුස්සියේ තත්වය තේරුම් ගැනීමට බැරි මෝඩ ගෑනුත් පොහොට්ටු ලකුණින් පළාත් පාලන මැතිවරණය සදහා ඉල්ලීමෙන් පේනවා. වෙනසක් අවශ්‍ය නම් එකතුවෙලා ආවොත් මිස ජයක් ගන්න අමාරුයි. බෙදීම වැඩිනිසා මහ මැතිවරණය තියනවා වෙන්නත් පුළුවන්.
දැන් කාලේ ලංවෙලාද කොහෙද.
මොන පිස්සුද දැනටමත් මා දන්නා තරමට ඡන්දයක් පවතින්නේ නෑ. අන්තිම තුරුම්බු තවත් තියනවා. එක වැෙඩ් මම කරන්නම් ඒ වෙනකන් ඡන්දයට ලැස්ති වෙයල්ලා. පොඩ්ඩ්ට ගහගනිල්ලා. මේක තමා ඉහල තියන මාගේ ප්‍රකාශනයේ තේරුම. දන්වත් පැහෙදිලිද. ඡන්දදායකා කියන උඹලා තවමත් මෝඩ හරකුන්නේ කිසි දෙයක් තේරෙන්නේ නැනැ. මම හා මාගේ පක්ෂය සීයට සීයක් දිනුම් එකට කිසි සැකයක්වත් නැත.
ඔය උන්දැ ගේ හැටි , උඩින් චන්දෙට ලෑස්ති වගේ පෙන්නලා , යටින් මිනිහගේ බත්බැලයෝ ටික දානව ඡන්දෙ තියන් එක කොහොම හරි වලක්වන්න
හොඳම බේගලය
ඡන්දය කල් නොදැම්මත් රජය විසුරුවා හැරීමට ක්‍රියා කරාවිද ?
කරන්නේ කියන්නේ දෙකේ පංතියේ ලමයි කරන ආකාරයටයි.
කට පියාගෙන ඉන්න ජනවරමක් නැති පිනාධිපති
අපිත් සූදානම් වෙලා ඉන්නේ මේ පාර කට්ටියටම සලකන්න
වික්‍රමසිංහ මහතාට මම ඉතා ඉහළ ගෞරවයක් දක්වමි. සමහර අපිරිසිදු දේශපාලන නායකයින් පාර්ලිමේන්තුව කඩා දමන්නැයි මහජනතාවට කතා කරන නමුත් ඔහු ඉතා ශක්තිමත් වූ අතර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අන්තවාදීන්ට යටත් නොවන බවත් ප්‍රචණ්ඩත්වය පාලනය කරන බවත්ය. ඒ තත්ත්වය තුළ එවැන්නක් ප්‍රකාශ කිරීමට තරම් ශක්තිමත් පෞරුෂයක් ඔහුට ඇත. මම ඔහුට ගරු කරනවා...
ඉදල් ලාබයි ඉදල් ලාබයි .යුනයිටඩ් නැෂනල් පොහොට්ටුවේ අතුගාන දිනය මාර්තු 9 වෙනිදට යෙදී ඇත
ඡන්දයක් තිබ්බොත් මාලිමාව අතිවිශාල ජයක් ලබනවා...
ලෑස්තිවෙන්න... ඉතුරු වෙලා ඉන්න එජාපය ගෙදර යන්න...