IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ප්‍රදේශ කිහිපයකට නියඟයෙන් පීඩා

(ඩයනා උදයංගනී)
 
 
දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ජනතාව මේ වන විට වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
කෑගල්ල සහ පුත්තලම දිස්ත‍්‍රික්කයන්ට මෙහි වැඩි බලපෑමක් එල්ල වී ඇති අතර එය නියං තත්ත්වය හේතුවෙන් එම දිස්ත‍්‍රික්කයන්හි පවුල් 611 කට අයත් 2,392ක පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
 
කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ගලිගමුව, දැරණියගල, කෑගල්ල, බුලත්කොහුපිටිය සහ රුවන්වැල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට බලපා ඇති මෙම නියං තත්ත්වයෙන් පවුල් 372කට අයත් 1519 දෙනෙක්, පුත්තලම දිස්ත‍්‍රික්කයේ දංකොටුව සහ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 239කට අයත් 873 දෙනෙක් මෙලෙස පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
          
ඊට අමතරව පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ සිදුවූ අතුණු ගැසීම් හා දැඩි සුළං හේතුවෙන් නිවාස දෙකකට හානි වී පවුල් දෙකකට අයත් අට දෙනෙක්  පීඩාවට පත්ව සිටින බව එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
           
වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙත ජල බවුසර් හා ටැංකි යොදාගෙන ජලය සැපයීමේ කටයුතු සිදුකරන බව ද ඔහු කීය.
 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසුවේ ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්හි වැසි රහිත කාලගුණයක් පවතිනු ඇති බවයි.
          
රත්නපුර, ගාල්ල, කළුතර සහ මාතර දිස්ත‍්‍රික්කයන්හි ස්ථාන කිහිපයක පමණක් සවස 2.00න් පසු වැසි ඇතිවනු ඇතැයිද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය. 
 



අදහස් (2)

ප්‍රදේශ කිහිපයකට නියඟයෙන් පීඩා

lanka Monday, 18 February 2019 11:54 AM

අපේ දේශපාලකයින්ට දැන් ඕවා දැවෙන ප්‍රශ්න නොවේ. අද ඒ අයට ඇති දරුණුම ප්‍රශ්නය නම් ලබන මැතිවරණයට සන්ධානයක් සාදාගන්නේ කොහොමද කියායි.

:       0       3

Bamunuarachchi Wednesday, 20 February 2019 05:50 AM

මෙයා හිතන්නේ මොනවාද කියා දැන ගැනීමට මේ මනුස්සයාගේ හිතට ඇතුල් වීමට උවමනා නැත . විශාල දුකක් ඇතිවෙනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31327 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13538 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11002 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site