(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කුරුණෑගල මහ නගර සභාව යටතේ පාලනය වන පෙර පාසල් සඳහා රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා පාසල් උපකරණ මිලදී ගෙන ඇති ආයතනය පිළිබඳව සොයා බැලීමේදී එය පාසල් උපකරණ අලෙවි කරන ආයතනයක් නොව වාහන අමතර කොටස් අලෙවි කරන ආයතනයක් බවට තොරතුරු හෙළිවී ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.
මෙම මිලදීගැනීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් නිර්දේශයක් හෝ ලබාගෙන නොතිබූ බව විගණන වාර්තාවක සඳහන්වේ.
එසේම මෙම මිලදී ගැනීම් සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5:3:2:වගන්තියට අනුකූල නොවී පුවත්පත් දැන්වීමක් පළකර තිබූ බවත් 6:2:2 වගන්තියට අනුකූලව ප්‍රසම්පාදනය සඳහා දින 21 ක් ලබාදිය යුතු වුවත් ලබාදී ඇත්තේ දින නවයක් පමණක් බවත්
විගණන විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.
නගර සභාව මේ ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් රජය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නගර සභා ප්‍රධානීන්ට අප්‍රසාදය පළකර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
කුරුණෑගල මහ නගර සභාවේ 2016, 2017, සහ 2018 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධන පරීක්ෂාව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබා දුන් නියෝග සඳහා විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කරමින් මෙම වාර්තාව පිළියෙල කරනු ලැබ ඇත.
COMMENTS
ආදායම් බදු වංචා කිරීමටත් ඔහොම කරන අය ඉන්නවා. රත්නපුර බණ්ඩාරනායක මාවතේ සමුපාකාර මණ්ඩලය ඉදිරිපිට ගොඩනැගිල්ලක ඉහළ මාලයේ එක් නාමපුවරුවක් සවිකර තියෙනවා... කිසිම භාණ්ඩයක් නැහැ.. නමුත් ඔහු රජයේ සැපයීම කරනවා. වංචාවන්ට ඉඩ ඇති මෙහෙම දේවල් ගැන පරික්ෂා කළයුතුයි.
එදත් හොරු අදත් හොරු... වෙනසකට තිබෙන්නේ කාලකන්නි පක්ෂවල සහ ඒ ඒ කාලකන්නි පක්ෂවල පාටෙහි වෙනස.. මෙහි නියම හාස්‍ය නම් එදා මහජන මුදල් හොරා කෑ තක්කඩි හොරු රැල මෙදා මහජන මුදල් හොරාකන හොරුරැලට හොරා කනවෝ කියමින් තමන්ගේ හොර ඇඟිලි දිගුකිරිමයි...
එක මයිල් ගහක්වත් හොල්ලන්න බෑ, හරියැ...?
කුරුණෑගල පක්ෂ නායකයාගේ කැරැට්ටුව රටම දන්නවනේ. ඉතින් ගෝලයින් ගැන මොනවා අහන්නද? ඔය ගෝලයෝ තමයි ලොක්කව නග්ගලා උඩින්ම දිනන්නේ...!
කුරුණෑගල තමයි බුල්ඩෝසර් කාරයින් ඉන්නේ - රාජ සභාව බුල්ඩෝසර කරපු අයට, ලක්ෂ 50ක් මාටියා ගහන එක ඒ තරම් වැඩක්ද? රටේ දේපළ ප්‍රසිද්ධීයේ මංකොල්ල කෑම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා...!
නගරාධිපති සාටකයක් දාගෙනද ඉන්නේ...?
අගමැතිත් ඡන්දෙ ඉල්ලුවේ කුරුණෑගලින් කියන්නේ ඇත්තද? එහෙනම් ඉතින් ගෝලයින් ගැන කවර කතාද?
ගුරා හිටගෙන කරනකොට ගෝලයින් දුවදුව කරනවා වගේ... !!!
ජොනී ඉන්න කන් අපි බය නෑ. මීට සැපයුම්කරු...
මොකක්ද ප්‍රශ්නේ..? මේවා දැන් ලංකාවේ සාමාන්‍ය දේවල්නේ...?
සමහරු මේ වාර්තාව හරියට කියවන් නැතුව අදහස් පල කරල තියෙන්නෙ. 2016, 17, 18 වර්ෂ වලට අදාල විගණන වාර්ථව ගැනයි ලිපියේ සදහන් වන්නේ.
හොරෙක් නගරාධිපති වීමේ ප්‍රතිවිපාක...
කරුණාකරලා ඔය විමසුම් ආ තැනින්ම හමස් පෙට්ටියට දාන්න, අපේ පුරපතිගෙ එක මයිල් ගහක්වත් හොලවනවා නෙවෙයි. එක පාරක් කිව්වාම අහනවා...
කුරුණෑගල 65%කට විතර සා/පෙළ වත් සමත් නෑ... හොරුන්, මිනීමරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රට පාලනය කරනවා කියන එක පුදුම වෙන්න දෙයක් නෑ.