(හර්ෂණ තුෂාර සිල්වා)
තායිලන්තයේ මහා වජිරලෝන්කෝන් රජුගේ පළමු මහජන ඇමතීමට සමගාමීව විශේෂ උත්සවයක් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනියගේ නිල නිවසේදී අද (6) පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලමනී චාට්සුවාන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
දින තුනක් මුළුල්ලේ පැවැති තායිලන්තයේ මහා වජිරලෝන්කෝන් රජුගේ මෞලිමංගල්‍යය අද (6) පැවැති මහජන ඇමතීමෙන් අවසන්විය.
තායිලන්තයේ මහා වජිරලෝන්කෝන් රජුගේ පළමු මහජන ඇමතීමේදී කෙරෙන චාරිත්‍ර සහ පිළිවෙත් මෙරටදී ඊට සමගාමීව සිදු කෙරුණි.
බෞද්ධ සහ බ්‍රාහ්මීය චරිත්‍රවලට අනුව තායිලන්තයේ මහා වජිරලෝන්කෝන් රජුගේ මෞලිමංගල්‍යය ඉකුත් දා (4) ආරම්භ විය.
ඡායාරූප - චතුර එස්. කොඩිකාර






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd