
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දින පහක නිවාඩුවක් එළඹෙන බැවින් බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට යාම සඳහා අධිවේගී මාර්ග වැලිපැන්න පිවිසුම අසල සිට කිලෝ මීටර් ගණනාවක් දිගු වාහන අද දක්නට ලැබුණි.
වැලිපැන්න පිවිසුමේදී පැය නමයක පමණ කාලයකදී එලෙස පැමිණි වාහන සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂාවේදී අවසර පත්‍රයක් නොමැතිව බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ඇතුළු වීම සඳහා පැමිණි වාහන ආපසු හරවා යැවීමට කටයුතු කළ බව වැලිපැන්න අධිවේගී රථවාහන පොලිසිය කියයි
වැලිපැන්න පිවිසුමේදී දැඩි පරීක්ෂාවට ලක් කිරීම හේතුවෙන් වාහන රියදුරන්ට පැය ගණනාවක් එක තැන රැඳී සිටීමට ද සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆේස් බුක් එකේ නම් දකින්න ලැබෙනවා කතරගම ගියපු අය, නුවර එළියෙ ගියපු අය, අනුරාධපුරයෙ ගියපු අය එහෙම දාන ෆොටෝස්. වෙලාවක හිතෙනවා මේ පරීක්ෂා කිරීම් නිකන්ම නිකන් මීඩියා ශෝ එකක්වත්ද කියලා.
මේ රටේ ඉන්න ලොකු තරු පටි කාරයන්ගේ කයිය ටීවි එකේ මයික් ඉස්සරහ විතරයි.. බොරු නීති කොලේට විතරයි... ස්ට්‍රයික් කරන ගුරුවරු ඇතුලට දානවා සෞඛ්‍ය නීති කැඩුවා කියලා... සංචරණ සීමා තියනකොට මෙහෙම පොලිම් තියෙන්නේ කොහොමද...? පිට පළාත් වල හෝටල් ටික චෙක් කළා නම් බලාගන්න තිබුණා... අර දිය ඇල්ලේ කපල් එක අල්ලන්න තිබුණු උනන්දුව මේ සෞඛ්‍ය නීති කඩන් පළාත් අතර යන මිනිස්සු අල්ලන්න තිබුණා නම් කොරෝනා කම්මුතු කරලා ගොඩක් කල් මේ රටේ...
මෙහෙම නිවාඩු තියෙන රටක් මේ තුන් ලෝකෙවත් නැතිව ඇති...