IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


චන්ද්‍රිකා තාක්ෂණයෙන් පරිසර තත්ත්ව නිරීක්ෂණයට චීනයෙන් මෘදුකාංගයක්

(මනෝජ් හර්ෂික)

චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ පාරිසරික තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කළ හැකි විශේෂ මෘදුකාංග පද්ධතියක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට චීන විශේෂඥයන් කණ්ඩායමක් කටයුතු කළ බව ආතර් සී ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) චින්තන විජයවර්ධන මහතා සඳහන් කරයි.

ආතර් සී ක්ලාක් ආයතනය සහ චීනයේ අභ්‍යවකාශ විද්‍යා ඇකඩමිය යටතේ ඇති දුරස්ථ සංවේදනය හා පෘථිවිය පිළිබඳ ආයතනය (RADI ) සමඟ එක්ව මෙම මෘදුකාංගය ශ්‍රී ලංකාව වෙත හඳුන්වාදීට පියවරගෙන තිබේ.

මෙම මෘදුකාංගය පිළිබඳව දැනුම ලබා දීම සඳහා චීනයේ RADI ආයතනයේ මහාචාර්ය ජියන්බෝ ලිවු GEOSS (AOGOESS) සංවිධානයෙහි මහාචාර්ය ෂියන්ග් ෂෝව් සහ ආචාර්ය සුතාඕ ඇතුළු විශේෂඥයින් කණ්ඩායමක් පැමිණි බවත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන, සංස්ථා හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් වෘත්තියවේදීන් පනස් දෙනකු පමණ මේ සඳහා සම්බන්ධ කර ගත් බවත් විජයවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙම මෘදුකාංගයේ දත්ත මඟින් කෘෂිකාර්මික හා ආපදා නිරීක්ෂණයට යොදාගන්නා ආකාරය පිළිබද න්‍යායාත්මක දැනුම මෙන්ම ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම හා ශ්‍රී ලංකාව තුළ අභ්‍යවකාශ තාක්ෂණය යොදාගැනීම පිළිබඳ තාක්ෂණික හැකියාවන් හා ඌනතාවයන් හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීම, අභ්‍යවකාශ තාක්ෂණයෙන් ලබා ගන්නා දත්ත හා මෙවලම් ලංකාවේ සංවර්ධන ක්‍රියාමාර්ගයන්හි ඵලදායි ලෙස යොදා ගැනීම ආදිය පිළිබඳ දැනුවත් කිරීමක් චීන විශේෂඥයින් සිදු කළ බව විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (1)

චන්ද්‍රිකා තාක්ෂණයෙන් පරිසර තත්ත්ව නිරීක්ෂණයට චීනයෙන් මෘදුකාංගයක්

Dirt Monday, 17 February 2020 03:39 PM

අනේ මහත්තයෝ පරිසර ඇමති කෙනෙකුත් චිනෙන්ම ගෙන්න බැරිද ? (ඔක්සිජන් වලින් හුස්මගන්න කෙනෙක් ) මොකද අපේ අයට ඔක්සිජන් එච්චර ඕනි නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site