IMG-LOGO

“කුඩු ආශා”ගේ කෝටි 4 ගැන සී.අයි.ඩීයෙන් පරීක්ෂණ

(නිමන්ති රණසිංහ)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ “අංගොඩ ලොක්කා’ ගේ ඥාති සහෝදරියක වන “කුඩු ආශා” නමැත්තියගේ බැංකු ගිණුම් තුනක තිබී රුපියල් කෝටි 4කට අධික මුදලක් සැක සහිත ආකාරයෙන් සංසරණය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ වාර්ථාවන්ට අනුව, ගිරිහාගම හතුරුසිංහ ඩිල්හානි ප්‍රියදර්ශනී සතුරුසිංහ නොහොත් කුඩු ආශා” නමැත්තිය අතුරුගිරිය ප්‍රදේශයේ සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකු තුනක පවත්වාගෙන ගිය ගිණුම් තුනක මෙම මුදල සංසරණය වී ඇත්තේ 2019 සහ 2020 යන වර්ෂවල දී බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

සැකකාරියට අයත් බැංකු ගිණුම්වල ඉකුත් 2019 වර්ෂයේ දී රුපියල් දෙකෝටි විසිහත්ලක්ෂ පනස් නවදහස් එකසිය පනහක (22,759,150.00) මුදලක් ද, 2020 වර්ෂයේදී රුපියල් දෙකෝටි එක්ලක්ෂ දහඅටදහස් නවසිය හැටක (20,118,960.00) මුදලක් ද, තැන්තපත්වී ඇති අතර මෙකී මුදල් කිනම් කරුණක් මත තැන්පත් වූවාද සහ නැවත ආපසු ලබාගෙන ඇත්තේ මන්ද යන්න සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලට අනුව මෙම සැකකාරියට හෝ ඇයගේ පවුලේ සමීපතමයින්ට පරම්පරාගත උරුමයෙන් හෝ නිත්‍යානුකූලව උපයාගත් යම ්චංචල හෝ නිශ්චල දේපළක් හෝ ප්‍රකට ආදායමක් හෝ නොමැති බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.



අදහස් (2)

“කුඩු ආශා”ගේ කෝටි 4 ගැන සී.අයි.ඩීයෙන් පරීක්ෂණ

Ranjit Friday, 10 December 2021 06:38 PM

මොකද එයාගේ විතරක්? කෝටිපතියන් වෙලා ඉන්න තව අයත් ඉන්නවානේ... ඒ ගොල්ලෝ ගැන හොයන්න අවශ්‍ය නැද්ද?

:       0       0

Royfedricks Saturday, 11 December 2021 02:45 AM

එතකොට ලන්සාගේ? ඒවා හොයන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 113 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 147 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site