IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


’’අල්ලසේ’’ නඩුවලින් බාගයක්ම අයින් කරගෙන

(සුජිත් හේවාජුලිගේ )

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගිය වර්ෂයේදී පැවරූ   නඩු 89 කින්  නඩු 45ක්ම   විවිධ හේතු මත ඉල්ලා අස්කරගෙන ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

කෙසේ  වෙතත් මින්   යළි පවරා ඇත්තේ නඩු  විස්සක්  පමණක් බවද එම කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මේ අතර අල්ලස් කොමිසම පැවරූ නඩු 18 ක චූදිතයන් 2021 වර්ෂයේදී  නිවැරැදිකරුවන්වී තිබූ බවත්  වැරදිකරුවන්වී තිබුණේ නඩු 11ක චූදිතයන් පමණක් බවත්  එම වාර්තාවේ දැක්වේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව  පසුගිය 2021 වර්ෂයේදී නඩු 69 ක් අවසන් කර තිබූ නමුත් ඉන් නඩු හතළිහක් පසුව ඉල්ලා අස් කරගෙන  තිබිණැයි කියන විගණන කාර්යාලය එය මුළු නඩු සංඛ්‍යාවෙන් සියයට පනස් අටක ප්‍රතිශතයක්  බවද   ප්‍රකාශ කළේය.

මේ අතර එම කොමිෂන් සභාවේ නීති අංශයේ  වැඩ අවසන් නොකළ ලිපිගොනු 1508ක් පැවතුණු  බවත් ඉන්  ලිපිගොනු  489 ක් වසර පහකට වැඩි කාලයකට අයත්වූ ඒවා බවත්  වාර්තාවේ දැක්වේ.

අවසන් නොකළ ලිපිගොනු926ක් පසුගිය වසරේ දෙසැම්බර් 31 දින තෙක්ම  පැවතුණු නමුත්  ඒ පිළිබඳ වාර්තා විගණනයට ඉදිරිපත් නොවුණු බව විගණන  නිලධාරීහු පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ආරම්භ කර අවුරුදු තුන හමාරක් පමණ ගත වී ඇතත් එහි සඳහන් කාර්යයන් 27 න් ක්‍රියාත්මක කර ඇත්තේ  කාර්යයන් 11 පමණක් බවද   වාර්තාවේ සඳහන් වේ.

මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්  සභාවේ ජ්‍යෙෂ්ඨ  මට්ටමේ පුරප්පාඩු 36ක්ද  තෘතීක මට්ටමේ පුරප්පාඩු 203ක්ද  ද්විතීක  මට්ටමේ පුරප්පාඩු එකසිය පනස් අටක්ද ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු පනස් හයක්ද විමර්ශන කාර්ය මණ්ඩල පුරප්පාඩු 15 ක්ද පසුගිය වසරේදී පැවති බව විගණන  කාර්යාලය පවසයි.



අදහස් (5)

’’අල්ලසේ’’ නඩුවලින් බාගයක්ම අයින් කරගෙන

අල්ලිස් අප්පු Saturday, 23 September 2023 12:49 PM

එහෙම කළා කිව්වාම වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව වගේ කොමිසමේ උන්දැලා අල්ලස් නොගත්තා කියලා කියන්න පුළුවන්ද? ඩාලිං ඇත්තටම උන්දැලා නඩත්තු කරන්න ජනතා මුදල් නාස්ති කරන්නේ මොකටද මහත්තයෝ...?

:       0       13

කිත්සිරීSaturday, 23 September 2023 06:22 PM

හොරු අල්ලස් ගත්තාම ඒවා අල්ලන්න ඉන්න අය හොරුන්ගෙන් අල්ලස් ගන්නවා. ඒක විමර්ශනය කරන්න කොමිටියක් දමනවා. ඔවුන් දෙගොල්ලන්ගෙන්ම අල්ලස් ගන්නවා. දියුණුවෙන් දියුණුවට යන රටක හොඳම ලක්ෂණයක්...!

:       0       1

Shashika519 Saturday, 23 September 2023 12:52 PM

නඩුව දාන්නේ ඉල්ලා අස්කරගන්න බලාගෙන හෝ පරදින්නම බලාගෙන.. අත යටින් ගණුදෙනුව වෙනවා...

:       0       14

Kazi Shajahan Saturday, 23 September 2023 01:42 PM

ඔය කමිෂන් එකෙන් මැති ඇමැතිවරු කී දෙනෙක් හිරේ යවලා තියෙනවද? මම කියන්නේ සීරෝ.

:       0       14

de silva Saturday, 23 September 2023 04:50 PM

අල්ලස් කොමිසමත් පගාව අරගෙන වගේ...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’තොරොම්බෝල් කඩ’’ පාරේ යන දවස නවත්වන කාලය කියයි
2025 මැයි මස 09 154 0

මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකයින්ගේ පෙත්සමට දින දෙයි
2025 මැයි මස 09 93 0

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප


මන්ත්‍රීන් බිලිබාන සෙට් එක අල්ලා හිරේ දමනවා
2025 මැයි මස 09 324 0

පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්


දේශබන්දු මැතිසබා කමිටුවට 19 කැදවයි
2025 මැයි මස 09 173 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1


කොටහේන දැරියගේ මරණයෙන් මැතිසබේ රත්වෙයි
2025 මැයි මස 09 966 1

අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ
2025 මැයි මස 09 442 1

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1285 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site