(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
කිසියම් පුද්ගලයකු අටවන ලද ඇමක් ගිල දමා මහත් අපහසුවෙන් සිටි අඩි 13 ක් පමණ දිගින් යුත් කිඹුලකුගේ කටට අත දමා එම ඇම ඉවත් කිරීමට කළුතර මොරන්තුඩුව ගෝනදූව කවටයාගොඩ තරුණයෙක් කටයුතු කළේය.
ඔහු නමින් උදාර සංජීව නමැති හතළිස් හැවිරිදි තිදරු පියෙකි.
කවටයාගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟේ අතු ඔයක කිසියම් පුද්ගලයකු අටවන ලද ඇමක් ගිලදැමූ කිඹුලකු සිටින බවට ප්‍රදේශවාසීන් අතර කටින් කට පැතිර ගිය ආරංචිය සැලවී එම ස්ථානයට පැමිණි උදාර සංජීව එහි සිටි අනකුත් පුද්ගලයන්ගේ සහායෙන් දැඩි වෙහෙසක් දරා කිඹුලව ගොඩට ගැනීමට මුලින්ම කටයුතු කර තිබිණි.
අනතුරුව ඉඩ පහසු ස්ථානයකට කිඹුලාව රැගෙන උදාර සංජීව ඇතුළු අනෙකුත් පුද්ගලයන් ආරක්ෂාකාරී අයුරින් කිඹුලාගේ කට විවෘත කර යතුරු පැදි කේබලයක් ආධාරයෙන් අටවා තිබූ කුකුල් බොකු සවිකර තිබූ ඇම ඉවත් කිරීමට දැඩි වෙහෙසක් දරා කටයුතු කෙරිණි.
ඒ සඳහා ඔහුට විනාඩි 30ක පමණ කාලයක් වැය වූ අතර එහි සිටි සෙසු පුද්ගලයන්ගේ සහාය ද නොමඳව ලැබිණි.
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හොක්කට අත දමා කොක්ක ගලවයි
මං ඒ කිඹුලා Wednesday, 01 February 2023 05:57 PM
මෙම පුවත හා පින්තූරය අනිවාර්යෙන්ම ජාත්‍යන්තර ඇගයීමකට ලක්වනු නොඅනුමානයි. ව්‍යායාමය යෙදුණු සියලුම අපේ කොල්ලන්ට කඩවර ශක්තිය ලැබේවා...!!!
දාස Wednesday, 01 February 2023 07:04 PM
මේ මනුස්සය මොනතරම් අවදානම් වැඩක්ද කරල තියෙන්නෙ , ඔහුට ලොකු අනු කම්පාවක් මේ සතා ගැන ඇතිවෙන්න ඇති . අගය කල යුතු මිනිහෙක්
Dasa P Wednesday, 01 February 2023 09:30 PM
නමත් උදාරයි, වැඩත් උදාරයි... අපි කාටත් කළින් උදාර යයි නිවන්...!
ලසන්ත Wednesday, 01 February 2023 09:39 PM
සත්පුරුෂ ඔබ සැමදෙනටම නිදුක් නිරෝගීබව සසර පුරා සැළසේවා!
Ariyapala Hewgae Thursday, 02 February 2023 07:24 AM
මේක නියම වැඩක්. සොබාදහමට ආදරය කරන මේ වීරයාගේ නිර්භීතකම අපි අගය කළ යුතුයි.
Bunny Preena Thursday, 02 February 2023 09:03 AM
බොහොම අගනා බොහෝ කුසල් ලැබෙන ක්‍රියාවක් .ජාත්‍යන්තරයට ඉස්සෙල්ලා ශ්‍රී ලංකාවේ සත්ව හිංසා පිටුදැකීමේ ව්‍යාපාරයේ ඉන්න අයගේ ප්‍රශන්සාවට සහ ඇගයීමකට ලක් විය යුතු කාරණයක්
ලුම්බිණි Thursday, 02 February 2023 09:14 AM
උගුල අටවපු එකාට දැන් ඕක ගිලින්න කියා කිව යුතුයි.
G.G.wijesingha Thursday, 02 February 2023 09:53 AM
හොඳයි
suneth hemantha Thursday, 02 February 2023 11:09 AM
මේක කරන්න හිතුන පුද්ගලයාට තුති.......
sam Thursday, 02 February 2023 11:32 AM
මෙන්න මේ වගේ මිනිස්සු කරන උදාර වැඩ වලට සම්මාන දෙන්න ඕනි. ඒ වුණාට කාලකණ්නි දේශපාලුවෝ රජකරන යුගයක ඒ දේවල් අගය කරන්නේ නැහැ. උන් වලිකන්නේ මොන ප්‍රෝඩාවක් හරි දාලා බලේ ඉඳගෙන ගසාකන්න තමයි. කාලකණ්නි.
sharm warn Thursday, 02 February 2023 11:36 AM
මෙ ආදරනීය මිනිස්සු කලේ ඉතාම යහපත් ක්‍රියාවක්. . නමුත් මෙ කිඹුලාව අල්ලන්න කවුරු හරි උත්සාහ කලේ ඇයි කියලත් හොයලා බලන්න ඔන නැද්ද ? අනිත් එක, මෙ දවස් වල හැම තැනින්ම කිඹුල්ලු මතු වෙන්නෙ කොහොමද කියලා හොයල බලන්න ඔන නැද්ද?
Sathya Thursday, 02 February 2023 12:17 PM
A Great, meritorious deed. Salute nature lovers.
විජේ Friday, 03 February 2023 09:19 AM
එල කොල්ලෙක්නෙ
surasena Friday, 03 February 2023 11:31 AM
සහභාගී සියලු දෙනාටම නිවන් සුව ලැබේවා