IMG-LOGO

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සහල් ගබඩාවකට මුද්‍රා තබයි

සමන් පාලිත නානායක්කාර 

අලෙවි කිරීමට නීතිමය ගැටලුවක් මතුවී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව මගින් මිලදී ගත් සහල් කිලෝ 6173 ක්  ගබඩාවකට අද (23) තාවකාලිකව මුද්‍රා තැබූ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව කියයි . 

පාලන මිලක් නියම කිරීමට පෙර වැඩි මිලට මිලදී ගත් සහල් තොගයක් අඩු වූ පාලන මිලට අලෙවි කිරීමට යාමේදී ඇතිවන පාඩුව නිසා  මෙම ගැටලුව  මතු වී ඇති බව ප්‍රාදේශීය  සභාව කියයි.

රටේ පවතින තත්ත්වය අනුව සහල් අලෙවි කිරීම සඳහා හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර  ඇත.

පාලන මිලට සහල් අලෙවි කිරීම සඳහා ඌව පළාත් පාලන කොමසාරිස්වරයාගේ අවසර ලබාගෙන ඇති බව එම  අලෙවි කමිටුව සඳහන් කරයි.

එම අවසරය ලිඛිතව ලැබී නොමැති බැවින් මෙම සහල් තොග අලෙවි කිරීම සඳහා තීරණය ගැනීමට ලබන 27 වෙනි දින විශේෂ මහා සභාවක් කැඳවා ඇති බව හල්දුම්මුල්ල  ප්‍රාදේශිය සභාවේ  සභාපති උපුල් හෙට්ටිගේ මහතා පැවසීය.

 



අදහස් (1)

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සහල් ගබඩාවකට මුද්‍රා තබයි

චමින්ද Friday, 24 April 2020 02:19 AM

වැඩි මිළට ගත්තා අඩුමිළට දෙන්න වෙලා. ගබඩාවට මුද්‍රා තිබ්බා. කොමසාරිස්ගේ තීරණය ලැබෙනවිට හාල්වලට හානිවෙලා. සම්පූර්ණ මුදලම නැතිවෙනවා. පවතින මිළට හෝ වික්කොත් ජාමෙ බේරාගන්න බැරිද. අනේ මෙහෙමත් ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 531 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 700 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site