(සිතුම් චතුරංග)
රටේ අර්බුදයට වගකිවයුතු වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙස බලමින් සමගි ජනබලවේගයේ ‘මව්වරුන්ගේ අරගලය‘ යාපනය නගරයේ සංවිධානය කළ විරෝධතාව අතර ඇති වූ විරෝධතාවක් හේතුවෙන් එය අතරමඟ නතර කළේය.
පේදුරුතුඩුව සිට දෙවුන්දරතුඩුව දක්වා ‘මව්වරුන්ගේ අරගලය‘ නමින් සමගි වනිතා බලවේගය මෙම විරෝධතාව සංවිධානය කොට තිබූ අතර එම අවස්ථාව සඳහා සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද එක්ව සිටියාය.
විරෝධතාකරුවන් විසින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී ඇමරිකාවට යන ලෙසට සටන්පාඨ ප්‍රකාශ කිරීමත් සමඟ එම ස්ථානයට පැමිණි යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධර්තන් මහතා ඇතුළු පිරිසක් වත්මන් ආණ්ඩුවට පක්ෂව අදහස් දක්වමින් විරෝධතාවයට පැමිණි පිරිසට බැණවැදීමත් සමඟ දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හටගැණින.
යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්තන් මහතා ඇතුළු තවත් කිහිප දෙනකු එලෙස බැණවැදීමත් සමඟ විරෝධතාවයේ නිරතවූ කාන්තාවන් හා එම ස්ථානයට පැමිණි තවත් ප්‍රදේශවාසීන් කිහිපදෙනකු අරුන් සිද්ධාර්ථන් මහතාට විරෝධය සෙරෙප්පු පහරවල් සහ ජල බෝතල්වලින් පහරදී පන්නා දැමීමට උත්සහ කිරීමත් සමග දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.
අදාල ස්ථානයට පැමිණි යාපනය පොලිස් නිලධාරීන් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන් විරෝධතාවයද අවසන් කෙරිණි.
විරෝධතාවය සඳහා සමඟි වනිතා බලවේගයේ ක්‍රියාකාරීහු සහ යාපනය ප්‍රදේශවාසීහු පිරිසක් එක්ව සිටියහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හිරුණිකාගේ විරෝධයට යාපනයේදී විරෝධයක්
jayasekara Saturday, 02 April 2022 10:48 AM
අවසානයේදී හිරුණිකා ඇතුළු අම්මාවරුන් ‘‘උතුරු වසන්තය‘‘ හැදූ රේල්පාරෙන්, උතුරු වසන්තයට දැමූ කෝච්චියෙන් කොළඹ බලා ගමන් ඇරඹීය...
Kule Saturday, 16 April 2022 01:05 PM
හිරුණිකා, ඔබගේ විරෝධතාවයන් ආපස්සට හැරෙව්වේ උතුරේදීද? දකුණේදීද? කොළඹ ඇවිත් පුළුවන් නම් මානව හිමිකම් යන්න.