IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හම්බන්තොට රෝහලට අසාධ්‍යයි වෛද්‍යවරු 38 රෝහල හැර යති

(අමිල සම්පත් ශ්‍රී)

හම්බන්තොට මහ රෝහලට පැමිණෙන රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග එකසිය විස්සකට වැඩි ප්‍රමාණයක් රෝහලෙහි නොමැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් රෝගීන් මෙන්ම වෛද්‍යවරු ද දැඩි අපහසුතාවට පත්ව ඇති අතර යම් අවස්ථාවල හදිසි හෘද රෝග ප්‍රතිකාර ඒකකය වසා දැමීමට සිදු වූ බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

මේ තත්ත්වය හමුවේ පසුගිය මාස කිහිපය තුළ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු වෛද්‍යවරුන් 38 දෙනෙකු රෝහල හැර ගොස් ඇති බවත් ඉදිරියේදී තවත් වෛද්‍යවරු කිහිපදෙනෙකු විදේශගත වීම සඳහා ඉල්ලුම් කර ඇති බවත් පැවැසේ.

හම්බන්තොට මහ රෝහලේ රෝගී අංශ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් තිස් පස් දෙනකු අවශ්‍ය වුවත් සිටින්නේ වෛද්‍යවරුන් තිස් දෙනකු පමණක් බවත් ඒ හේතුවෙන් ශල්‍යකර්ම මෙන්ම විශේෂඥ වෛද්‍ය සායන කරගෙන යෑම දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් වාර්තාවේ.

එමෙන්ම සාමාන්‍ය වෛද්‍යවරුන් 160දෙනකු රෝහලට අවශ්‍ය වුවද සිටින්නේ වෛද්‍යවරුන් 123 දෙනකු බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් එදිනෙදා පැමිණෙන රෝගීන් මෙන්ම වෙනත් රෝහල්වලින්මාරු කර එවන රෝගීන්ට ප්‍රතිකාර කිරීම දැඩි ගැටලු‍වක් වී ඇති බවද දැනගන්නට ඇත.

මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ වෛද්‍යවරුන් විදේශගතවීම් බව රෝහල් නිලධාරියෙක් සඳහන් කළේය.

දරු ප්‍රසූතියකදී අධික රුධිර වහනය වැළැක්වීම සඳහා භාවිතා කරන ඖෂධ කිසිවක් රෝහලේ නැති අතර දියවැඩියා රෝගීන් සඳහා ලබා දෙන ඉන්සියුලින් කිසිවක්ද රෝහලේ නැති බව ඔහු කීවේය.

එමෙන්ම හෘද රෝග සඳහා ලබාදෙනා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිසිවක්ද නොමැති අතර හෘද රෝග සායන සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හිඟ බවද ඔහු පැවසීය.

වේදනා නාශක වර්ග මෙන්ම ඇදුම රෝගීන්ට ලබාදෙන ඉන්හේලර් වර්ග රෝහලේ නොමැති බවද වාර්තාවේ. ප්‍රතිකාරවලදී ලබාදෙන විශේෂ ඖෂධ මෙන්ම ස්නායු රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග කිසිවක් රෝහලේ නොමැති බවත් ඔහු සඳහන් කළේය.

මීට අමතරව අක්ෂි සායනවලදී ලබා දෙන ඖෂධ බොහොමයක් රෝහලේ නොමැති අතර චර්ම සායනවලදී ලබාදෙන ක්‍රීම් වර්ග මෙන්ම තයිරොයිඩ් ඌනතා සඳහා ලබාදෙන තයිරොක්සීන් ඖෂධයද රෝහලේ නොමැති බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර ප්‍රතිජීවක ඖෂධ හා ඉන්ජෙක්ෂන් වර්ගද රෝහලේ නොමැති බව රෝහලින් කළ විමසීමකදී එහි නිලධාරියෙක් සඳහන් කළේය.

මීට අමතරව ශල්‍යකර්මවලදී භාවිතා කරන උපකරණ ඇතුළු රෝහල් උපකරණ රාශියක් රෝහලේ නොමැති බැවින් රෝගීන් මෙන්ම වෛද්‍යවරුන්ද දැඩි අපහසුතාවකට ලක්ව ඇත.

ඉදිරි දින කිහිපය තුළ මෙම තත්ත්වය දෙගුණ තෙගුණ විය හැකි බවත් එසේ වුවහොත් රෝහලේ අංශ කිහිපයක ප්‍රතිකාර කිරීම තාවකාලිකව හෝ අත්හිටුවීමට සිදුවනු ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (14)

හම්බන්තොට රෝහලට අසාධ්‍යයි වෛද්‍යවරු 38 රෝහල හැර යති

sugath Thursday, 26 January 2023 09:39 PM

ටිකක් ඉවසලා ඉන්ට. ජනාධිපතිතුමා අරහේ නිදහස සමරන්ට සල්ලි හොයනවා.

:       0       0

chandima Friday, 27 January 2023 01:42 AM

වෙනදටත් ඔය උත්තමයො වැඩි කාලයක් ඉන්නෙ චැනල් කරන තැන්වල නේද?

:       0       0

Perera Friday, 27 January 2023 04:31 AM

කෝ අර කෙහෙල් ලෙල්ල...?

:       0       20

swene Friday, 27 January 2023 07:03 AM

ඕවා කොතරම් අඩු වූවත්, ජනාධිපති, අගමැති, ඇමැතිලාට සහ ඔය අවුල්වලට අවුල් වුණොත් ආණ්ඩු වියදමින් පිටරට හෝ යවා ප්‍රතිකාර කර ගනීවි...

:       1       34

sugathFriday, 27 January 2023 03:14 PM

ඔව්. ඒ අය සිංගපුරුවට ගිහින් බෙහෙත් ගනී.

:       0       0

Rohana Friday, 27 January 2023 07:40 AM

ඔක්කෝම ප්‍රශ්න අමතක කරලා නිදහස් උත්සවයට කෝටි 20ක් වියදම් කරලා අභිමානවත්ව සැමරුවාම ප්‍රශ්න සියල්ල විසඳෙයි.

:       2       28

latha Friday, 27 January 2023 09:09 AM

බෙහෙත් නැතුවට මොකද? අමාත්‍යාංශයේ හැමෝටම වී8 තියෙනවා. ඕනතරම් ජොලිකරන්න සල්ලි තියෙනවා.

:       0       35

sharm warn Friday, 27 January 2023 10:20 AM

ආ.. හම්බන්තොට නේද.. අවුලක් නෑ.. ගිහිල්ලා අර D A රජපක්ස ට මල් පහන් පත්තු කරන්න. . එතකොට සේරම හරි යයි. . එයා බිහි කරපු හොර මුල නෙ මෙව්වට වග කියන්න ඔන..

:       1       57

Dileepa Friday, 27 January 2023 10:47 AM

ඕවා නැති වුණාට මොකද, ඒ වගේද හෙළ ජාතික අභිමානේ. නාග ලෝකෙට හරි නාථ දෙයියන්ට හරි පණිවිඩයක් යවලා බලන්න...

:       2       36

upasena Friday, 27 January 2023 01:26 PM

මතිවරනයටත් ඉස්සෙල්ල් මතිවරණ ප්‍රතිපල කියන්නෙ මෙවට .

:       1       28

Lalla Friday, 27 January 2023 03:10 PM

හම්බන්තොටට ඕන මානසික සෞඛ්‍ය ආයතනයක්... රාජපක්ෂ පවුල ඉන්න පැත්තේ ඉන්න පුළුවන් මානසික ලෙඩ්ඩු විතරයිනේ...!

:       1       28

Nimali Saturday, 28 January 2023 08:44 PM

අනේ දෙවියනේ රටට ගිය කලක්...

:       0       0

Dasa P Sunday, 29 January 2023 07:09 AM

එන්න අපි නිදහස සමරමු...

:       0       0

Hafeel Sunday, 29 January 2023 12:01 PM

රටේ ඉහළම තනතුරු විධායක ජනාධිපති ධුරය දෙවරක් දරපු සහ රාජපක්ෂ පවුල නියෝජනය කරපු දිස්ත්‍රික්කයේ තියන ප්‍රධාන රෝහලට කරපු විනාශය. නමුත් මෙම හම්බන්තොට ජනතාව නිර්මාණය කළ බේබිලාට නම්, රට පුරා අංග සම්පූර්ණ දේපළ තියනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1628 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 798 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 665 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 335 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 573 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 530 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site