(සනත් ගමගේ)
හම්බන්තොට මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස හිටපු නියෝජ්‍ය නගරාධිපති කේ.ජී ගාමිණී ශ්‍රී ආනන්ද මහතා විවෘත ඡන්ද විමසීමෙන් තේරීපත් වූ බව දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලිය ගුරුගේ මහතා පවසයි.
හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා ඡන්ද විමසීම පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රී වරු 11 දෙනෙකුගේ වැඩි කැමැත්ත මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු නියෝජ්‍ය නගරාධිපති කේ.ජී ගාමිණ්‍රී ශ්‍රී ආනන්ද මහතා තෙරීපත් විය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නගරාධිපති ධුරය සඳහා ඉදිරිපත් වූ ඩී.ඒ ගාමිණී මහතාට ඡන්ද 9 ක් හිමි වූ අතර ජනතා විමුක්ති පෙරමුනේ නාගරික මන්ත්‍රී වරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හම්බන්තොට නගරාධිපති ලෙස උප නගාරධිපති පත් වෙයි