(රන්ජන් කටුගම්පොළ)
රජයේ රෝහල්වල සේවය කරන හෙද නිලධාරීන් අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබූ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අද තහවුරු කළේය.
රාජ්‍ය සේවයේ නියුතු ශ්‍රේණි හතරක හෙද නිලධාරීන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත්කළ තීන්දුවක් මඟින් රජයේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තහවුරු කළේය.
නීතිපතිවරයා ගොනු කළ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා, සහ දිලිප් නවාස් යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම අභියාචන පෙත්සම සලකා බැලිණී.
නීතිපතිවරයා ගොනු කළ මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යා ද සොයිසා ඇතුළු පිරිසක් නම් කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හෙද නිලධාරින් 60න් ගෙදර යැවීම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
PGPThilak Friday, 18 July 2025 05:53 AM
රජයේ පඩි දීමනා මදිලු, පහසුකම් නෑලු ,රට යනවලු යන ආදී මැසිවිලි නඟමින් සිටියදී හැටෙන් පසුවත් අනෙක් අයට අවස්ථාවක් නොදී මැරෙන කල්ම පඩි කකා රටට බරක්. වෙලා රෝගීන්ට බනිමින් එල්ලිලා ඉන්න තමයි තවත් ආසාව!
විජයතුන්ග Friday, 18 July 2025 08:55 AM
ලංකාවේ 100 පැන්නත් බය නැතුව කරන්න පුලුවන් එකම රස්සාව ඇමතිකම් දැරීම පමණයි.