IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


හිටපු මැකෝ ගෙයින් ගෙට යයි

(එම්.සුසිල් පියන්ත)

මේ ජනාධිපතිවරණයේදී සිය ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා වෙනුවෙන් සකස් කරන ලද අත්පතිකා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා අද (18) අම්බලන්ගොඩ දුම්රිය නැවතුම්පොලේදී බෙදා දුන්නේය.

මැතිවරණ රාජකාරී කළ හිටපු ඉහල නිලධාරියෙකු මෙසේ ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා අත් පතිකා ජනතාවට බෙදූ පළමු අවස්ථාව මෙයයි.

මැතිවරණයකදී  සිය ඡන්දය පාවිච්චි කිරීම ජනතා අයිතියක් බවත් මේ ඡන්ද අයිතිය පැහැර හැරීම නොකළ යුත්තක් බවත් මැතිවරණ කොමිසන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා කීය.

එබැවින් ජනතාවට තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය පෙන්වාදීමේ අරමුණින් මිස  මෙය මෙවර ජනාධිපතිවරණයේදී පත්කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබදව කරන ලද ඉල්ලීමක් නොවන බව තමාගේ මේ ක්‍රියාවේ ඒකායන අරමුණ බවද දේශප්‍රිය මහතා කීවේය.



අදහස් (15)

හිටපු මැකෝ ගෙයින් ගෙට යයි

සුනන්ද Wednesday, 18 September 2024 03:11 PM

මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්න පුළුවන් අවසන් දිනයේ තමන්ගේ ගම් ප්‍රදේශයේ අයට පමණක් දැනුවත් කරන්න ඉදිරිපත් වුනේ එම ප්‍රදේශයේ ජනතාව ඡන්දය කියන්නේ මොකක්ද කියලා නොදන්නා පිරිසක් නිසා ද කියලා අහන්නම වෙනවා.

:       56       69

Ajith Wednesday, 18 September 2024 04:09 PM

මේක හොඳ වැඩක්. ලංකාවෙත් දියුණු රටවල්වල වගේ ඡන්දය දැමීම අනිවාර්ය යුතුයි. නැත්නම් හරි ජනමතය ප්‍රකාශ වෙන්නේ නෑ.

:       16       87

thushan Wednesday, 18 September 2024 04:20 PM

මෙයා නම් මහා වාතයක් වේගෙන එන්නේ... තමන් කොමසාරිස් හැටියට හිටපු කාලේ කරපු කාර්යය හොඳටම ඇති.. media එක ඉස්සරහට ඇවිල්ලා පොර වෙන්න හදනවා... මෙයා.. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියා නම් නිකන් ගෙදරට වෙලා බනක් භාවනාවක් කරගෙන ඉන්නකෝ ඇණයක් වෙන්නේ නැතුව..

:       70       62

Rohan Perera Wednesday, 18 September 2024 05:13 PM

මේ මනුස්සයා වගේ හිටපු තනතුර බාල්දු කරපු කෙනෙක් තවත් නෑ

:       0       3

Manjula Pradeep Wednesday, 18 September 2024 05:25 PM

තමන්ට බලය තියෙන කාලෙ දත් ටික විලිස්සගෙන පිස්සු නටලා ඉන්න මැතිවරණ කොමසාරිස් සද්ද නැතුව වැඩේ නියමට කරනකොට බලාගෙන ඉන්න බැරුව මීඩියා කවරේජ් එකක් ගන්න දඟලනවා ඒ දවස්වල කරපු කෙරුවාව අපිට මතකයි. දකුණේ මිනිහෙක් කියන්නත් ලැජ්ජයි

:       0       1

රම්බොඩ Wednesday, 18 September 2024 06:00 PM

ඡන්දය දැමිය යුතුයි තමයි. දාන්න තරම් හොඳ කෙනෙක් නැත්නම් මිනිසුන් නිහඬව ඉන්නවා. ඔය කවුරු දැඟලුවත් වැඩක් නෑ. මෙයත් අමුතු චරිතයක්... පෙන්වන්නේ එකක්. යටින් තියෙන්නේ වෙන අරමුණක්...

:       0       1

Nandana Wednesday, 18 September 2024 06:36 PM

බල්ලගේ වැඩේ බූරුවා කරනවා වගේ...!

:       38       45

Sanka Wednesday, 18 September 2024 11:09 PM

මෙයා පුරවැසිභාවය නැති කෙනෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඉඩදුන්න නිසා වෙච්ච විනාසය ගැන පසුතැවිල්ල මඟ හරවා ගන්න මේවාගේ දේවල් කරනවා. හෘදසාක්ෂිය හැමදේටම වඩා ලොකුයි.

:       2       5

Ruchira Thursday, 19 September 2024 02:33 AM

අපේ රටේ වත්මන් අර්බුදයට සම්පූර්ණයෙන් වගකිවයුත්තේ ඔහු ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකයන් කිහිප දෙනෙකු විදේශ පුරවැසියන් බව දැන දැනත් නාමයෝජනා භාරගෙන ඇති බැවිනි. ඔහු බලයේ සිටියදී සියල්ල අවුල් කර රට විනාශ කළේය. දැන් එතුමාට මැතිවරණ නීති සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගොන් කතා කියමින් රටට කළ හානියට ගරු කරන්න බැහැ.

:       1       2

ගුණරත්න Thursday, 19 September 2024 05:28 AM

සමහරක් රාජ්‍ය සේවයේ පිරිසක් ඉන්නවා හරියට වැඩේ කරන්න පුළුවන් තමාට විතරයි කියලා හිතාගෙන ඉන්න .එහෙම අයට විශ්‍රාම යන්න කිට්ටුව බරපතළ අසනීප හැදෙන පිරිසකුත් ඉන්නවා. මම දන්න විදුහල්පති කෙනෙකුට සම්පූර්ණ කර එවීමට විශ්‍රාම ලියවිලි ආවම හදවතේ අසනීපයක් හැදුනා .මම අහල තියෙනවා මීට අවුරුදු පනහකට පමණ පෙර වාහන ආදායම් බලපත්‍ර අංශයේ කටයුතු කලා කියන ලිපිකරු මහතෙක් විශ්‍රාම ගියාට පස්සෙ සෑම නොවැම්බර් මස 01 හෝ ඊළඟ වර්ෂයේ ආදායම් බලපත්‍ර නිකුත්කරන පළමු දවසේ කච්චේරියට ඇවිල්ලා එදා රාජකාරි කරන අයට උපදෙස් දෙනවා කියලා. ඒ කාලයේ දැන් වගේ වාහනයේ ලියාපදිංචි දිනයේදී බලපත්‍ර දෙන්නෙ නැහැ. නොවැම්බර් පළමු වැනිදා තමයි නිකුත්කිරීම ආරම්භ වෙන්නෙ. විශ්‍රාම ගිහිල්ලා හිටියා වුනත් ඔහු මියයන තුරුම එහෙම ඇවිල්ලා කටයුතු කලා කියලා අහල තියෙනවා. මෙතුමා වුනත් එහෙම කෙනෙක් කියලා හිතෙනවා .පසුගිය කාලයේ විවිධ අවස්ථාවල මැතිවරණ කොමිසමේ කෙනෙක් වගේ කටයුතු කරන ආකාරය පුවත්පත් මගින් දැක්කා අපි ඔහුගැන අනුකම්පා කරමු

:       1       4

pj Thursday, 19 September 2024 05:30 AM

මෙයාට දිමෙන්ශියා .මානසික ප්‍රතිකාරවලට යොමු කරන්න

:       0       6

analyst Thursday, 19 September 2024 07:22 AM

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රථිපල කෙරෙහි බොහෝ දුරට බලපාන සාධයක් තමයි මේ " තීරණය නොකළ" චන්ද . එම චන්ද ප්‍රමාණය මේ වෙනකොට 30% -40% ප්‍රමාණයක වෙනවා. එයින් කොටසක් ප්‍රකාශ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. 2019 ජනාධිපතිවරණයේ දී ප්‍රකාශ නොවූ චන්ද ප්‍රතිශතය 12.7 % වගේ. ඒ නිසා මෙවරත් අවසාන මොහොතේ හෝ ඉහත අයගෙන් කොටසක් අනිවාර්යෙන් ම චන්දය ප්‍රකාශ කරනවා. ජනතා මත විමසුම් සහ විවිධ පුද්ගලයින් විසින් සිදුකල අපක්ෂපාති සමීක්ෂණ වල ප්‍රතිපලත්, පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිපලත් එකතුව කරන ලද විශ්ලේෂණය අනුව අනුර කුමාර දිසානායකට වැඩි වාසියක් පෙන්නුම් කරනවා. 17140354 වූ ලියාපදිංචි චන්ද අතුරෙන් 87.3 % චන්දය ප්‍රකාශ කලොත් , ඒ අතුරින් වලංගු චන්ද වලින් 53.0 - 46.0 % චන්ක්ද ප්‍රතිශතයක් ලබාගැනිම සඳහා 90% වැඩි සම්භාවිතාවක් අනුර කුමාර දිසානායක ට තියනවා. ඉතින් මේ පරාසය තුල හරියට ම කොතනද ස්ථාන ගත වෙන්නේ කියන එක තීරණය වෙන්නේ ඉහත කියපු මේ වෙනතෙක් තීරණය නොකළ චන්ද සහ අවසාන මොහොතේ තම මතය වෙනස් වූ චන්ද මත. බොහෝ දුරට එකම මට්ටමින් ජයග්‍රහණය අභියසටම පැමිණෙන දෙදෙනෙක් මෙම ජනපති සටනේ දැකීමට හැකිවීම පෙර මැතිවරණ වලට වඩා විශේෂත්වයක

:       2       2

Nomna Thursday, 19 September 2024 08:50 AM

දිසානායකලාගේ දන්කුඩ දේවකන්ද ගිහිල්ලා

:       2       4

කේරලගේ Thursday, 19 September 2024 01:30 PM

ගෝටා නොමිනේෂන් භාරෙදෙන්න ආපු වෙලාවෙ මෙයා ද්විත්ව පුරවැසිභාවය ගැන අහන්නෙ නැතුව මෙයා නොමිනේෂන් බාර ගත්ත එක ගැන රටේ ජනතාව ලොකු කතා බහක් ඇති වුනා.මෙයා නියම හොරෙක් කියල රටේ ජනතාව එදා දැන ගත්තා

:       1       5

කමල් Friday, 20 September 2024 02:13 PM

පවතින ක්‍රමයට සහ සියලු අපේක්ෂකයින්ට විරුද්ධ බව ප්‍රකාශ කළ හැකි ක්‍රමයක් හදන්න. එවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වැඩිවේවි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 4 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 45 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


සබරගමුව සරසවියේ තවත් සිසුන් 4ක් පොලිසියට බාරවෙති
2025 මැයි මස 05 301 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමෙි සිද්ධියට සම්බන්ද තවත් ජේෂ්ඨ සිසුන් 04කු අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.


අගුණකොළේ බන්ධනාගාරයේ රැඳවියා මැරුවාදැයි සැකයක්
2025 මැයි මස 05 305 0

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට


කොටස් වෙළෙඳපොළ හෙට කලින් වහයි
2025 මැයි මස 05 70 0

කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (6) පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව එම වෙළෙඳපොළ පවසයි.


ලංකාව - වියට්නාමය අතර ගිවිසුම් පහක්
2025 මැයි මස 05 276 0

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් 4ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 717 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 185 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1221 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site