IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හිටපු ඇමතිවරුන් නැවත පත්කර රටේ ප්‍රශ්ණ විසදන්න බැහැ

(නිමල කොඩිතුවක්කු)

හිටපු ඇමතිවරුන් නැවත නැවතත් පත් කිරීමෙන් රටේ ප්‍රශ්ණ  නොවිසදෙන බව ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වටහා ගත යුතුව ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය.

තවදුරටත් කාළය නාස්ති නොකර රට කළ හැකි කණ්ඩායමකට රට භාරදී ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට බලකර සිටින බවත්  අත්තනායක මහතා සඳහන් කලේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීම සම්පූර්ණම ගෝඨා ගෝ හෝම් අරගලය පාවා දීමක් ලෙස අපි දකිනවා. මොකද ඔහු කිසිම කොන්දේසියක් නැතුව තමයි අගමැතිකම භාරගත්තේ.

ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පසුගිය සතියේ ගත්ත පියවර කිසිම දෙයක් ගැන සතුටු වෙන්න බැහැ. පෙට්‍රල්, ඩීසල්, ගෑස් පෝලිම් තුන්ගුණයකින්  වැඩි වෙලා.  ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග ගැන සැලසුමක් ඉදිරිපත් කර නැහැ.

අඩුම ගානේ අගමැතිවරයා විදියට පත්වෙලා කැබිනට් ඇමතිවරු සමග මේ රටේ මූලික ප්‍රශ්න ටික හඳුනගෙන, ගෑස්, විදුලිය ,පොහොර,ඉන්ධන සහ fඖෂධ ලබාදීමට කඩිනම් පියවර ගත යුතුයි.  රටේ පවතින අති උද්ධමනය විසඳීමට වැඩපිළිවෙළක් නැහැ. ඇමතිවරු මාරු වුණත් ආණ්ඩුව නැවත අලුත් ආණ්ඩුවක් විදියට පිළිගන්න බැහැ.

අලුත් අගමැති වරයෙක් පත්වුණා අලුත් ආණ්ඩුවක් පත්වුණා ඒත් දේශපාලන ස්ථාවරභාවයක් විශ්වාසයක් විදේශ ශ්‍රමිකයන්ට, විදෙස් මුදල් එවන අයට ඇති වෙලා නැහැ. අගමැතිතුමා ඔහුගේ පිළුණු වෙච්ච ගෝලබාලයන් ගේ කමිටුවක් හදලා. එයට වජිර සාගල අකිල රංගෙ බංඩාර වැනි අය පත් කරලා. තමන්ගේ  අය ළඟට ගෙන රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. මේ කමිටුව නිසා කැබිනට්ටුව හෑල්ලුවට ලක්වෙනවා. 



අදහස් (7)

හිටපු ඇමතිවරුන් නැවත පත්කර රටේ ප්‍රශ්ණ විසදන්න බැහැ

දාස Monday, 23 May 2022 04:26 PM

මට පුළුවන් ඕවාට විසඳුම් දෙන්න. මොකද මම ඔය සෑම ට්‍රික් එකක්ම ඉගෙන ගත්තා.

:       1       7

චන්දන Monday, 23 May 2022 04:35 PM

තමුන්ටත් එය අදාලයි. ඔය රොත්තටම රට කරන්න බැහැ .

:       2       12

fairoos Monday, 23 May 2022 04:42 PM

හරින්ට, මනූෂට විනය පරීක්ෂණ නැද්ද?

:       2       6

ජනතාව ප්‍රතික්ෂේප කල අය යලිත් කරලියට එපා Monday, 23 May 2022 04:44 PM

විශ්වාසවන්තකම නැතුව රටට ඩොලර් ගෙන්න ගන්න විදියක් නෑ. ගෝල් ෆේස් අරගලයෙන් ඉල්ලන්නේ රටේ විශ්වාසනීය බවත්, සැමට එක නීතියත්, අධිකරණයේ සහ පොලිසියේ ස්වාධීනත්වයත්ය. පරණ ගේමි කාරයින් සහ නාට්‍ය කාරයින් එක්ක මේ යන්නේ තවත් වෙනත් දෙයක්...

:       5       12

NIHAL Monday, 23 May 2022 05:19 PM

ඉන්න පොඩ්ඩක්, ඔබතුමාට මාසයක ඵලපුරුද්දක් තියෙන නිසා සෞඛ්‍ය ඇමැතිකම ලැබෙනවා.

:       60       89

nimal Monday, 23 May 2022 05:49 PM

තිස්ස අත්තනායක, ඔයාගේ හිටපු නායකතුමා ඔබට ඇමැති තනතුරක් ලබාගන්න කියලා ආරාධනා කළේ නැතිද? එසේ ආරාධනාවක් ලැබුනේ නම් රට වෙනුවෙන් කියලා ඉදිරිපත් වෙන්න...!

:       51       11

Bamunuarachchi Monday, 23 May 2022 06:39 PM

ප්‍රශ්න විසඳන්න තමයි ලොක්කාට කිව්වේ අගමැතිකම ගන්න කියලා. කොහෙද බය වුණානේ. නැතිනම් අපි ඇවිල්ලා ප්‍රශ්න ඔක්කොම විසඳනවා...

:       5       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 184 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 391 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 167 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site