IMG-LOGO

සීතාවක ප්‍රා.ස.ඡන්ද විමසීම යළි කල් යයි

(කේ බුද්ධික කුමාරසිරි)

සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයකු සහ උපසභාපතිවරයකු පත්කර ගැනීම සඳහා පැවැත් වූ ඡන්ද විමසීම අද (15) දින දෙවැනි වරටත් නියමයක් නොමැතිව කල්තැබීමට බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය කටයුතු කළාය.

එසේ සිදු වුයේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය ඝණ පූරණය සභාවේ නොමැති වීම නිසාවෙනි.

මේ සම්බන්ධයෙන් වූ  පළමුවරට ඡන්ද විමසීම ඉකුත් ජුනි මස 17 දින සිදුකළ අවස්ථාවේදී ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඝණ පූර්ණය නොමැති වීමෙන් නැවත චන්ද විමසීම අද (15) දින දක්වා කල් තැබීම සිදුවිය.

ඒ අනුව දෙවනිි වරටත් සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (15) දින සීතාවක ප්‍රාදේශීය සභාවේ දී උදෑසන 9.30 ට ආරම්භ විය.

එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් චන්දයක් පවත්වන්නේද  විවෘත ඡන්දයක් පවත්වන්නේද යන්න සිදුකළ විමසීමේදී එක් පාර්ශවයක් විවෘත ඡන්දයක් පවත්වන ලෙසත් තවත් පාර්ශවයක් රහස් ඡන්දයක් පවත්වන ලෙසත් යෝජනා ස්ථිර කරන ලදී.



අදහස් (0)

සීතාවක ප්‍රා.ස.ඡන්ද විමසීම යළි කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 68 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site