IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


සිසුන් හතරක් මත් කර අපයෝජනය කරලා

(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම  සංචාරක නිකේතනයක දී    අවස්ථා ගණනාවක  මත්වතුර පානයට දී පාසල් සිසුන් 4 දෙනෙකු අපයෝජනය කළ සැකකාර පුද්ගලයන් දෙදෙනෙකු (7) දින අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි.

වයස අවුරුදු14,15, 16 වයස් වල පසුවන සිසුන්  හතර දෙනා අධ්‍යාපනය ලබන පාසලේ පන්තිභාර  ගුරුවරුන් සහ විදුහල්පතිවරයා විසින් අලුත්ගම  පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්තඩංගුවට ගෙන තිබේ.

පාසල් සිසුන් හතර දෙනා සහ සැකකරුවන් දෙදෙනා කලක පටන්,, මුහුණු පොත  හරහා ටික්ටොක්,ඇසුරක් මගින් හඳුනාගෙන  විටින් විට අවස්ථා ගණනාවක අලුත්ගම  ගඟබඩ පාරේ  සංචාරක නිකේතනයක් තුළට ගෙන්වා සැර  මත් වතුර බොන්නට දී මත් වූ පසු සිසුන්ට බරපතළ ලෙස ලිංගික අපයෝජනය කර ඇති බව   වින්දිත සිසුන්ගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

පාසලේ විදුහල්පතිවරයාට හා ගුරුවරුන්ට මෙම සිසුන් පිළිබඳ   දැනුනු වෙනස්කම  පිළිබඳ අවධානය යොමුකර  සිසුන්ගෙන් කරුණු විමසීමේදී මේ බව  සියලු තොරතුරු අනාවරණය කරගෙන තිබේ .

ඒ අනුව  පොලිසිය ඊට සම්බන්ධ45,හා 39 හැවිරිදි සැකකරුවන් දෙදෙනා අලුත්ගමදී  අත්අඩංගුවට ගෙන    ඔවුන් සතු  ස්මාට් ජංගම දුරකථන පරික්ෂා කිරීමේදී    එහි තිබූ  වීඩියෝ දර්ශන වල මෙම සිසුන් ද  සිටින බව පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකිව තිබේ.

සිසුන් හතර දෙනා දෙමව්පියන් මගින් පොලිසියට කැඳවා  තිබෙන අතර පසුව ඔවුන් සියලු දේ පොලිසියට පවසා තිබේ.

ඇතැම් දිනවල මෙම සිසුන් පාසලේ පන්ති කට් කර  සැකකරුවන් සමග  ඇසුරට ගොස් තිබෙන බවත් අනාවරණය කරගෙන තිබේ. මින් සිසුන් තිදෙනෙකු  අලුත්ගම  පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර  අනිත් සිසුවා බෙන්තොට පොලිස් වසමේ  පදිංචිකරුවෙකු ද වෙයි.

පොලිස් භාරයේ පසුවන සිසුන් හතර දෙනා   අධිකරණ වෛද්‍ය පරීක්ෂාවකටයොමු කිරීමට කළුතර ශික්ෂණ රෝහලට ඇතුළු කර තිබේ.

 

 



අදහස් (1)

සිසුන් හතරක් මත් කර අපයෝජනය කරලා

වටලප්පං Friday, 07 July 2023 08:17 PM

විවාදයක් නැහැ... කථාව ඇත්ත නම් ප්‍රසිද්ධියේ ගල්ගසා මරා දැමිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 492 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 189 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 435 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 797 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 607 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 718 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1190 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1495 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site