IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සුළඟින් ඉබ්බන්කටුවේ විහාරස්ථානයකට හානි

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ගලේවෙල හරහා හමාගිය දැඩි සුළඟකින් ගලේවෙල දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ පිහිටි ගංගාරාම විහාරස්ථානයේ වැඩ සිටි බෝධීන් වහන්සේගේ අත්තක් කඩා වැටී විහාරස්ථානයේ බුදු මැදුරට දේව මන්දිරයට මෙන්ම ධර්ම ශාලාවට ද දැඩි හානි සිදුවී ඇතැයි විහාරාධිකාරී හිමිවරු පවසති.

ඉතා ඉපැරණි විශාල බෝධීන් වහන්සේ නමක් ඊයේ (25) රාත්‍රියේ පැවති සුළඟත් සමඟ එක වර ම කඩා වැටීම නිසා මෙම විනාශය සිදු වී තිබේ.

මෙම මහා විනාශය සම්බන්ධයෙන් අදහස් දැක් වූ වීහාරයේ කුඩාස්වාමීන් වහන්සේලා කියා සිටියේ එක වරම දැඩි සුළං හමා ගිය බවයි .

සුළඟත් සමග බෝධීන් වහන්සේගේ විශාල අතක් මුලින් ඉදිරිපතිත වීමත් සමඟ බෝධිය ඉදිරිපිට වැඩ සිටි බුදු පිළිම වහන්සේඇතුළු බුද්ධ මන්දිරය දොළොස් මහේ පහණ මෙන්ම සතර මහාදේවාල ධර්මශාලාව කඩා බිඳීගොස් තිබේ.

එහි පරිවේණාධිපති දඩුබැදිරුප්ප මහින්ද හිමියන් කියා සිටියේ මෙම විහාරස්ථානය බොහෝ ජනතාවගේ දායකත්වයෙන් සංවර්ධනය වෙමින් පැවතුණු එකක් බවත්කඩිනමින් නැවත විහාරස් විහාරස්ථානය ගොඩ නැගීම සඳහා සැදැහැවතුන් සහ රජයේ කඩිනම් අවධානය යොමු කරන ලෙසයි.

 

.



අදහස් (0)

සුළඟින් ඉබ්බන්කටුවේ විහාරස්ථානයකට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site