(යොහාන් භාසුර)
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක් තිබියදී හිඟයක් ඇතිවීම පිළිගත නොහැකි බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (20) පැවසීය.
නාරාහේන්පිට පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (20) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එසේ පැවසීය.
ස්වර්ණ නාඩු සහල් මොට්‍රික්ටොන් 70,000 දෙසැම්බර් මස 15 වැනිදා වන විට කිලෝවක් රුපියල් 220 කට මිලදී ගතහැකි වන පරිදි වෙළෙඳපොළට සැපයීමට නියමිත බවත් මෙම සහල් ප්‍රමාණය දින 15 කට පමණක් ප්‍රමාණවත් වන ලෙස ආනයනය කරන බවත් ඒ මහතා පැවසීය.
ආනයනය කරන සහල් තොගය සතොස, සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ජාලය හරහා බෙදාහැරීමට කටයුතු කරන බවත් සහල් ආනයනකරුවන් විශාල පිරිසක් ඒ සඳහා මේ වන විටත් සූදානම්ව සිටින බවත් සමරසිංහ මහතා සඳහන් කළේය.
මෙම සහල් තොගය ආනයනය කිරීමට රුපියල් මිලියන 5,000 ක් හෙවත් රුපියල් කෝටි 500 ක් වැයවනු ඇති බව කී වසන්ත සමරසිංහ මහතා මෙම සහල් ආනයනය ද පැවැති බදු මත ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.
මෙරට සහල් පරිභෝජනයෙන් සියයට 65 ක් පමණ නාඩු සහල් වීම නිසා එම සහල් පමණක් ආනයනය කරන බවත් රතු සහ සුදු කැකුළු සහල් පිළිබඳව මේ දක්වා ගැටලුවක් මතුවී නොමැති බවත් අමාත්‍යවරයා කීය.
නාඩු සහල් මොට්‍රික්ටොන් මිලියන 4.8 ක් හෙවත් මෙටි්‍රක්ටොන් ලක්‍ෂ 48 ක් මෙරට තුළ පසුගිය වසර දෙක තුළ නිෂ්පාදනය කර ඇති බවත් මෙරට මාසික සහල් පරිභෝජනය මොට්‍රික්ටොන් 183,000 ක් පමණක් වීම නිසා මොට්‍රික්ටොන් 40,000 ක අතික්තයක් ඇති බවත් වසන්ත සමරසිංහ මහතා කීය.
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
Chaminda Wednesday, 20 November 2024 06:53 PM
කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි.
පොඩිඑකාThursday, 21 November 2024 08:58 AM
චමින්ද මහත්තයෝ වෙන කොහොමද වෙන්න ඕන.
harsha Wednesday, 20 November 2024 07:49 PM
ආපු ගමන් වැඩ පටන් අරන්...
ලුම්බිණි Wednesday, 20 November 2024 08:01 PM
හාල් නැත්නම් ආනයනය නොකර හාල් මවන්නද?
උකුස්සා Wednesday, 20 November 2024 08:18 PM
අතරමැදි මාෆියාව පරාජය කරමු ජයවේවා...!
ranjith Wednesday, 20 November 2024 08:43 PM
රජය දෙන සහනාධාරවලින් ගොවියන්ගේ දාඩිය මහන්සියත් ලාභය ගන්නේ ඩඩ්ලි සිරිසේන ඇතුළු හාල් මාෆියා කාරයෝ, රජය ඉදිරියේ දී වී මිලදී ගනී එවිට මුන්ගේ චන්ඩිකම් අවසන් වනු ඇත.
Ruwan R Wednesday, 20 November 2024 09:15 PM
රුපියල් 71.43 කට ගෙන්නලා 220 ට විකුණන්නේ මොකද කියලත් බැලුවොත් මොකද ඇමතිතුමා.
Sudath Mendis Boossa Thursday, 21 November 2024 01:01 AM
සිරිසේනට බයයි වගේ.
Sudath Mendis Boossa Thursday, 21 November 2024 01:05 AM
සර්ගේ හාල් ගබඩාව වට කරන්න බයයි වගේ.
Ruwan R Thursday, 21 November 2024 12:20 PM
රුපියල් 71.43 ට ගෙනල්ලා 220 ට විකුණන්නේ මොකද කියලත් හොයලා කියමු ඇමැතිතුමා..
Kapila Thursday, 21 November 2024 03:58 PM
පව් අනේ, මුකුත් කියන්න එපා.
ශාන් Thursday, 21 November 2024 07:59 PM
ජනාධිපති රූපවාහිනි සාකච්ඡාවකදී කිව්වා එක්කෝ අඩු කරන්න නැත්තන් ගෙන්නන්න වෙනවා කියලා. ඒත් මුදලාලිලා ටිකක් කල් අල්ල ගෙන ඉඳියි. අලුත් කන්නේ ඵලදාව රජයෙන් මිලදී ගත්තම ගෙන්නන්න ඕන වෙන එකක් නැතිවෙයි. හැබැයි ඔක්කොම දෙනා අහවල් අයට නිත්‍යානුකූලව ක්‍රියාත්මක වෙන්න බය ඇයිද කියලා නම් හිතාගන්න බෑ. විරුවාටත් බැරුව ගියා බලමු කයියා මොකද කරන්නෙ කියලා ඉස්සරහට. තාම ආවා විතරනේ. ගෙන්නන්න නම් ආණ්ඩුවක් ඕනේ නෑ කියලත් කවුද මන්ද කිව්වා වගේ මතකයක් තියෙනවා.