(ඩී.ජී.සුගතපාල)
ස්වයං නිරෝධායන කොන්දේසි උල්ලංඝණය කරන ලද පුද්ගලයෙකු බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (31) නියෝග කළාය.
ඒ අනුව මෙයට ටික වේලාවකට පෙර පොලිස් ආරක්ෂාව යටතේ එම පුද්ගලයා සුව සැරිය ගිලන් රියකින් හිරිඹුර ඔහුගේ නිවසේ සිට බුස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන ලදී.
තිස් හත් හැවිරිදි මෙම පුද්ගලයා සංචාරකයින් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ රියදුරෙක් වන අතර සංචාරකයින්ට කොරෝනා වැළඳි ඇති බවට වු සැකය මත කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් තම අධික්ෂණය යටතේ ඔහු මේ මස 24 වනදින සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.
එහෙත් ඔහු ස්වයං නිරෝධායන කොන්දේසි උල්ලංඝණය කිරිම නිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් ඒ පිළිබඳ අද අධිකරණයට කරුණු වාර්තා කලේය.ඒ පිළිබඳ සළකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරිය ඔහු බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යාමට නියෝග කළාය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ස්වයං නිරෝධායන නීති කඩ කළ අයෙක් බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට
Always break down Tuesday, 31 March 2020 02:03 PM
බලන්න එයත් නානා කෙනෙක්ද කියලා...?