IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


සරසවි ප්‍රවේශ ලියාපදිංචිය කල් යයි

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
2020 වර්ෂය වෙනුවෙන් විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදී තිබූ කාල සීමාව තව සති 2කින් කල්දැමීමට කටයුතු කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.
 
ඒ අනුව, එම කාල සීමාව අප්‍රේල් 9 දක්වා කල් දමා තිබේ.
 
සිසුන්ට මාර්තු 26 දක්වා ලියාපදිංචිවීමේ කාල සීමාව බලපවත්වා බව මින් පෙර දැනුම් දී තිබුණද, රට  තුළ පවත්නා තත්වය මත මෙම තීරණය ගත් බව ඒ මහතා සඳහන් කළේය.
 
ඉදිරියේදී මතුවන තත්වය සලකා බලා,  2020 විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලියාපදිංචි වීමට අපේක්ෂිත කිසිදු සිසුවකු අපහසුතාවට පත් නොවන පරිදි, එම කාලසීමාව තවදුරටත් කල්දැමීමට වුවද විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිසම සූදානම් බව සභාපතිවරයා මෙහිදී පැවසීය.
 
මේ හා සම්බන්ධ ඉදිරි සැලසුම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හා ජනමාධ්‍ය ඔස්සේ මහජනතාව වෙත දැනුම්දීමට පියවර ගන්නා බවද අමරතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



අදහස් (0)

සරසවි ප්‍රවේශ ලියාපදිංචිය කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 58 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 266 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site