IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සූර්ය ව්‍යාපෘතියක් ඥාති සමාගමකට දීලා: කෝටි 330 ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ )

පසුගිය රජය  සියඹලාණ්ඩුවේ   මෙගාවොට් 100 සූර්ය බල ව්‍යාපෘතිය  වැඩි මිල ඉදිරිපත් කළ විදුලි බල මණ්ඩලයේම ඥාති සමාගමකට නිතියට පටහැනිව  පැවරීමෙන්  රුපියල් කෝටි 330 ක  පාඩුවක් සිදුවී ඇතැයි  ලාංකික මහජන එකමුතුවේ සභාපති  පේෂල සේරසිංහ මහතා පැවසීය.

එසේ හෙයින් එම ටෙන්ඩරය වහාම අවලංගු කර  අලුත් ටෙන්ඩරයක් කැඳවන්නැයි  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

කොමිස් කුට්ටි  ව්‍යාපෘතිවලට   උල්පන්දම් දෙන පරණ පිල්ලි විදුලිබල  මණ්ඩලයේ තවමත් හොල්මන් කරන බව පැවසූ සභාපතිවරයා     ජනතාවට කොකා පෙන්වමින් මෙගා ව්‍යාපෘතිවලට යෑම ඔවුන්ගේ එකම ඉලක්කය බවද  සඳහන් කළේය.
පේෂල සේරසිංහ මහතා මෙසේ පැවසුවේ බොරැල්ල එන්. අැම් පෙරේරා ශාලාවේදී අද (2) පෙරවරුවේ  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදිය.


සේරසිංහ මහතා මෙසේද පැවසීය.

සියඹලාණ්ඩුව මෙගා වොට් 100  සූරිය බල ව්‍යාපෘතිය   ටෙන්ඩරයට  පාර්ශව දෙකක් ඉල්ලුම් කරනවා. රිවිදනවි කියන ආයතනයට තමයි ටෙන්ඩරය හිමිවන්නේ.  අඩු ටෙන්ඩරය ඉදිරිපත් කරපු පාර්ශ්වය පැත්තකට දමා  වැඩි ටෙන්ඩරය හිමිවූ සමාගමට ටෙන්ඩරය  දෙනවා. එමගින්  කෝටි  33ක  පාඩුවක් සිද්ධ වුණා.. එම සිද්ධියට හිටපු  නායකයන්  වගකිව  කිවයුතුයි.

රිවිදනවි විදුලි බල මණ්ඩලයට සම්බන්ධ ආයතනයක්. ඒ ටෙන්ඩරයේ පාරිශුද්ද භාවය ඉන් අහෝසි වුණා. විදුලි බල මණ්ඩලයේ එක්තරා ප්‍රධානියකු  පුනර්ජනනීය විදුලි බලයට වඩා වෙනත් මාධ්‍ය වෙනුවෙන් උනන්දු වී කටයුතු කරන බව පේනවා. පරණ පිල්ලි තවමත් හොල්මන් කරන හෙයින් බලශක්ති ක්ෂෙත්‍රයේ  ලොකු  පසුබෑමක්   ඇතිවී  තිබෙනවා. මේ කර්මාන්තයේ  ඍජු රැකියා ලක්ෂයක් තියෙනවා. වක්‍ර රැකියා ලක්ෂ තුනක් තියෙනවා.

සූර්ය බලය ප්‍රවර්ධනය කරන බව ජාතික ජනබල වේග ප්‍රතිපත්ති මාලාවේ තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ සිටින යම් යම් පිල්ලි ජනතාවට කොකා පෙන්වමින් කරන කටයුතු හෙළා  දකිනවා.  මණ්ඩලය අද  යන්නේ මෙගා ව්‍යාපෘතිවලට. එසෙම  දේශීය ආයෝජකයන් මගහරිමින් කටයුතු කරන තත්වයක් තියෙනවා. වර්තමාන සෝලා   ව්‍යාපෘති හරහා  ලොකු කොමිස් කුට්ටි ගන්න බැහැ. මෙමගින්  සිදුවන්නේ ජනතාවගේ අයිතිය කොල්ලකෑමක්.

දූෂණය නැති කිරීමට ආපු ජනාධිපතිවරයා මේ ටෙන්ඩරය ඉදිරියට ගෙනියනවාද. අපි ඒක බලාගෙන ඉන්නවා.ටෙන්ඩරය ක්‍රියාත්මක වී නැහැ.  නමුත් තවම තියෙනවා. මේ දූෂිත ටෙන්ඩරය  අවලංගු කර නැවත කැඳවන්න කියලා අපි ඉල්ලනවා. කෙසේ නමුත්  මේ ව්‍යාපෘතිය අනිවාර්යයෙන් කළ යුතුයි. නමුත් ඒක වෙන්න ඕන විනිවිදභාවයකින්.    නිලධාරීන් ආණ්ඩුව  ගොනාට ඇඳුවාදැයි සැකයක් තියෙනවා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට  සංවිධානයේ විධායක කමිටු සාමාජික නවෝද්  හේවගේ  මහතාද සහභාගි විය.

 



අදහස් (4)

සූර්ය ව්‍යාපෘතියක් ඥාති සමාගමකට දීලා: කෝටි 330 ක පාඩුවක්

ගුණරත්න Wednesday, 02 April 2025 06:52 PM

මේ ආණ්ඩුවට සූර්ය බල ව්‍යාපෘති ඇලජික්! හේතුව අපි කවුරුත් දන්නවා.

:       16       16

Saman Wednesday, 02 April 2025 07:27 PM

අඩුම ටෙන්ඩරය හොඳම ටෙන්ඩරය වෙන්නෙ නෑ හැම වෙලාවෙම.

:       6       26

රුවන් Thursday, 03 April 2025 06:10 AM

හම්බන්තොට, මන්නාරම තමයි හොදම ප්‍රදේශ අඩු පිරිවැය නැතුව දිර්ගකාලීන පැවැත්ම පලදායිතාව ඉහළ පැනල ගත්තා නම් අපිට ඉන්දියාවට අපනයනය කරන්න පුළුවන්. ටෙස්ලා සමාගමේ පැනල ඉතාම කාර්යක්ෂමයි.

:       2       1

eresh Thursday, 03 April 2025 10:19 AM

තවමත් ඉන්නවා මෙහෙම අය සමහර CEB වල

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site