(අජිත්ලාල් ශාන්තඋදය)
සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ළමයින් 200ට අඩු ප්‍රාථමික පාසල් 625ක් මේ මස (21) සිට විවෘත කිරිමට පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේය.
පාසල් විවෘත කිරිම සම්බන්‍ධයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව ද පැවති සාකච්ඡාවකින් පසු සෞඛ්‍ය නීති අනුගමනය කරමින් දරුවන් වෙනුවෙන් මෙම පාසල් විවෘත කිරීමට තීරණය බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේ දින 122ක් පමණක් පාසල් පැවැත්වූ බව ආණ්ඩුකාරවරයා කීවේය.
එහෙත් 2021 වසර තුල පාසල් පැවැත්වීමට හැකිවූයේ දින 56ක් පමණක් බව ද සඳහන් කළේය.
දරුවන් ගැන හිතලා පාසල් යළි විවෘත කිරිමට විදුහල්පතිවරුනගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ආණ්ඩුකාරවරයා පැවසුවේය. ගුරු විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් සම්බන්‍ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සාධාරණ පියවරක් ගනු ඇතැයි ද පළාත් ආණ්ඩුකාරවයා කීවේය.
සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සේපාල කුරුප්පුආරච්චි මහතා පැවසුවේ අදියර තුනක් යටතේ සබරගමු පළාතේ පාසල් විවෘත කිරිම 21 දා ආරම්භ කරන බවයි.
මුල් අදියර යටතේ පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා වු ප්‍රාථමික පාසල් දරුවන් සඳහා විවෘත කරන බව ඔහු කීවේය.
සබරගමු පළාතේ බොහෝ පාසල්වල ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ පළාත් පාලන ආයතනවල සේවකයින් එක්ව එම පාසල් පවිත්‍රතා කටයුතු සිදුකර අවසන් බව ද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා කීවේය. ඒ අනුව 21 දින සබරගමු පළාතේ ප්‍රාථමික පාසල්වලට දරුවන් 30000ක් පමණ පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බවද සඳහන් කළේය.
සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් 18, 19 සහ 20 වන දින එම පාසල් විවෘත කිරිම සම්බන්‍ධයෙන් පූර්ණ අධීක්‍ෂණය කිරීමට වගකිවයුතු නිලධාරියෙක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පත්කර ඇති ව ද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා එම සාකච්ඡාවේ දී පැවසුවේය.
ගුරු විදුහල්පතිවරුන් නොපැමිණි නිසා ළමයින් 200ට අඩු පාසල් සුද්ද පවිත්‍ර කිරිම 18දා වන විටත් බව ඇතැම් පාසල්වල දරුවන්ගේ මව්පියෝ කීහ. ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සංවිධානවල ශාඛා නියෝජිතයන්ගෙන් විමසුවිට ඔවුන් පැවසුවේ ආණ්ඩුවට හිතවත් ගුරු විදුහල්පතිවරු කිහිප දෙනෙක් හැර සෙසු ගුරු විදුහල්පතිවරු 21දා පාසල් විවෘතකිරීමේ කාර්යයට සහාය නොදෙන බවයි.
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සබරගමුවේ ප්‍රාථමික පාසල් 625 ක් 21 ඇරැඹේ