(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
සඳලංකාව ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් දෙකක නීති විරෝධීව බොරළු කැපීම ඇතුළු නීති විරෝධී කටයුතුවල යෙදීම වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට, මධ්‍යම පරිසර අධිකාරියට, පතල් හා කැණීම් කාර්යාංශයට සහ පන්නල පොලිස් ස්ථානාධිපතිවරයාට අද (24) නියෝග කළේය .
යම් හෙයකින් මෙම නියෝගය කඩ කළහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් සේ සලකා කටයුතු කරන බව ද අධිකරණය දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ සඳලංකාව ප්‍රදේශයේ ගොවීන් දෙදෙනකු විසින් තඹකන්ද සහ සවන්දවත්ත යන ග්‍රාම සේවා කොට්ටාශ දෙකෙහි නීති විරෝධී ආකාරයෙන් බොරළු කැණීම් සිදු කිරීමට එරෙහිව ගොනුකර තිබූ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.
විජිත් මළල්ගොඩ යසන්ත කෝදාගොඩ සහ එස්. සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සඳලංකාවේ බොරළු කැපීම නවත්වන්නැයි නියෝග