IMG-LOGO

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල සති දෙකක් වසා දමයි

(තිළිණි ද සිල්වා)

සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කළ බව එම මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ලේ , 21 නව මහලේ සේවකයකුට කොරෝනා වයිරසය වැළදී ඇති බව තරහවුරු කර ගෙන තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කළේය.

මේ හේතුවෙන් මහ කොමසාර්ස් කාර්යාලයට පැමිණෙන අයගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිණිස අද (30) සිට සති දෙකක කාලයක් තාවකාලිකව මහ කොමසාරිස් කාර්යාලය වසා තබන බව කාරුණිකව දන්වා සිටින බව එම කාර්යාලය පවසයි.

හදිසි අවශ්‍යතා සඳහා පහත සඳහන් දුරකථන අංක අමතා තොරතුරු ලබා ගන්නා ලෙස සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව කන්සියුලර් රාජකාරි සඳහා :- 6587414011 / +6586546759 යන දුරකථන අංකයන් ගෙන්ද , විද්‍යුත්  තැපෑල - [email protected] සහ විගමන සේවකයින් සහ ගෘහස්ත සේවයේ නියුතු සේවිකාවන් සඳහා :-6584981785 / 65 91810257 යන දුරකථන අංකයන් හා ඊ විද්‍යුත්  තැපෑල [email protected]  හරහා තොරතුරු ලබා ගත හැකි බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියයි.

 



අදහස් (0)

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල සති දෙකක් වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 186 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site