(තුසිත කුමාර ද සිල්වා)
බෙන්තොට ප්‍රධාන පෙළේ තරු පන්තියේ සංචාරක හෝටලයක විවේකය ගත කිරීමට පැමිණ සිටි ජර්මන් ජාතික සංචාරකයන් දෙදෙනකු බෙන්තොට ගඟ හරහා පැරණි විහාරස්ථානයක් පෙන්වන බව පවසා 10,000 ක මුදලක් බලහත්කාරයෙන් ලබාගත් ඔරුකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සංචාරකයන් දෙදෙනා හෝටලයෙන් පිටව ගාලු පාරේ ඇවිද යමින් සිටියදී ර ඔරු පදින්නන් දෙදෙනකු සංචාරකයන්ට පැරණි විහාරස්ථානය දැක බලා ගැනීමට බෙන්තොට ගඟ ඔස්සේ ඔරුවකින් යා හැකි බව පවසා රැගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි.
එහිදී ගංගාවේ මද දුරක් ගිය පසු එම සංචාරක දෙදෙනාගෙන් විදෙස් මුදල් යූරෝ හතලිහක් ඉල්ලා තිබේ.
එහිදී විදෙස් සංචාරකයන් එය ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව ඔවුන් බිය ගන්වා එම අවස්ථාවේ විදේශිකයන් සන්තකයේ තිබූ රුපියල් දස දහසක් බලාත්කාරයෙන් ලබාගත් බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ බෙන්තොට පොලිසිය සිද්ධියට සම්බන්ධ යාත්‍රාමුල්ල සහ ඔබඩවත්ත ප්‍රදේශයේ පදිංචි 55 සහ 60 හැවිරිදි ඔරු පදින්නන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩා
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සංචාරකයන් රවටා පොකැට්ටුවට විදලා