(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු මෙන්ම බොලිවුඩයේ රජරුවන් ලෙස සැලකෙන ෂාරුක් ඛාන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල විමට අවස්ථාවක් තිබීම හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව තර කිරීමට තීරණය කළ බව මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔහුගේ ආරක්ෂාව වයි ප්ලස් කාණ්ඩය දක්වා ඉහළ දමන බවද මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය පෙන්වා දුන්නේය.ෂාරුක් ඛාන්ට එල්ල වී ඇති මරණ තර්ජන පිළිබඳ වැඩිදුර තොරතුරු මහාරාෂ්ට්‍ර පොලිසිය විසින් මාධ්‍ය වෙත ලබා දී නොමැති වුවත් ඉහළ තනතුරු දරණ පිරිසකගෙන් සමන්විත කමිටු රැස්වීමකදී එම මරණ තර්ජන පිළිබඳ තිබෙන තොරතුරු සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙවැනි ඉහළ ආරක්ෂාවක් ලබා දීමට තීරණය වූ බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දී ඇත.
පතාන් සහ ජවාන් චිත්‍රපට ලැබූ සාර්ථකත්වයත් සමඟ දුරකතන ඇමතුම් මාර්ගයෙන් තමාට මරණීය තර්ජන එල්ල වන බව ෂාරුක් ඛාන් පසුගිය 5 වැනිදා ලිඛිතව මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.
එම පැමිණිල්ලත් සමඟ ෂාරුක් ඛාන්ගේ ආරක්ෂාව වයි ප්ලස් කාණ්ඩය දක්වා ඉහළ දමන ලෙස සියලුම පොලිස් ස්ථානවලට සහ විශේෂ ආරක්ෂණ ඒකක වලට දැනුම් දීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුද්ධි අංශය කටයුතු කළේය.ඒ අනුව ඔහු ගමන් කරන විට ආරක්ෂාව සැලසීම සඳහා කොමාන්ඩෝ භටයන් 6 දෙනෙකු, පොලිස් නිලධාරීන් 4 දෙනෙකු සහ ඉදිරියෙන් ගමන් කරමින් වාහන තදබදය අවම කිරීම සඳහා පොලිස් වාහනයක් ෂාරුක් ඛාන්ට ලැබෙනු ඇතැයි මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය ප්‍රකාශ කර ඇත.පොලිස් නිලධාරීන් හතර දෙනාට ෂාරුක් ඛාන්ගේ මුම්බායි හි පිහිටි මන්නට් නිවසේ ආරක්ෂාව බාර වෙනු ඇතැයි ප්‍රාන්ත රජය පවසා තිබේ.
එම ආරක්ෂක නිලධාරීන් පිරිස එම්.පී 5 වර්ගයේ සහ ඒ.කේ 47 වර්ගයේ තුවක්කු වලින් සන්නද්ධව සිටිනු ඇති බවත් මෙම පිරිසට අමතරව ෂාරුක් ඛාන්ගේ පුද්ගලික ආරක්ෂක භටයන්ද ඔහුට ආරක්ෂාව සපයනු ඇති බවත් මහාරාෂ්ට්‍ර පොලිසිය ප්‍රකාශ කර ඇත.
ෂාරුක් ඛාන්ට ආරක්ෂාව ලබා දීමට තීරණය කළ කමිටුව නැවත වරක් රැස්වී එම තීරණය සමාලෝචනය කරන තෙක් දිගටම ඔහුට ආරක්ෂාව ලැබෙනු ඇතැයිද පැවැසෙයි.
ෂාරුක් ඛාන් රංගනයෙන් දායකවූ ජවාන් චිත්‍රපටය තවමත් ලෝකය පුරා ප්‍රදර්ශනය වේ. මේ වනවිට ලෝකය පුරා ඉන්දීය රුපියල් කෝටි 1100 ක ආදායමක් හිමිකර ගැනීමට ජවාන් චිත්‍රපටය සමත්ව වී ඇත.එවැනි ආදායමක් හිමිකරගත් එකම හින්දි චිත්‍රපටයද ජවාන් වේ.පතාන් චිත්‍රපටයද ඉන්දියාව තුළ මෙන්ම ලෝකය තුළද විශාල සාර්ථකත්වයක් ලබා ගත්තේය.
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ෂාරුක් ඛාන්ට ලොකු ආරක්ෂාවක්
Bamunuarachchi Tuesday, 10 October 2023 12:42 AM
අපේ ලොක්කා හිටියානම් කියයි තමන්ගේ ආරක්ෂාව තමන් හදාගන්න කියලා. නළුවෙකුට ආරක්ෂාව දෙන්න තරම් ලංකාව මෝඩ නැහැ.