IMG-LOGO

ෂෙඩ්වලත් ඉන්ධන ජාවාරමක්

(යොහාන් භාසුර)

ත්‍රීරෝද රථවලට වැඩි මිලට ඉන්ධන පිරවුම්හල්වලින් පෙට්‍රල් ගැනීමට සිදුවීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පිරවුම්හල් සංවිධානාත්මකව වැඩි මිලට පෙට්‍රල් අළෙවිය ක්‍රියාත්මක කරන බවත් රැකියාව ලෙස මගී ප්‍රවාහනයේ නිරතව සිටින ත්‍රීරෝද රථ හිමියෝ පවසති.

ඉන්ධන පිරවුම්හල් සේවයන්ට වැඩිපුර දෙන පෙට්‍රල් ලීටරයකට රුපියල් 50 ක මුදල් ලබාදිය යුතු බව කියන ත්‍රිරෝද රථ හිමියෝ මරදාන, බොරැල්ල, කොම්පඤ්ඤවීදිය, නුගේගොඩ සහ මහරගම ඇතුළු කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශවල පිරවුම්හල්වලින් රුපියල් 500 ක පමණ මුදලක් දුන්විට එකවර රුපියල් 3,000 ක පෙට්‍රල් ගතහැකි බව ද සදඟන් කරති.    

ස්වයං රැකියාවේ නිරත වන ත්‍රීරෝද රථවලට පෙට්‍රල් ලීටර 10 ක් දෙන්නේ යැයි පැවවුව ද බොහෝ දෙනෙක්ට සතියකට ලීටර 5 ක් පමණක් ලැබෙන බවත් ලීටර 10 ක් ලැබෙන ත්‍රීරෝදවලට ද එය ප්‍රමාණවත් නොවන බවත් ත්‍රීරෝද රථ හිමියෝ කියති.

ඉන්ධන පිරවුම්හල් කරන මෙම නීති විරෝධී වැඩි මිලට ඉන්ධන අළෙවි පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කර මගී ප්‍රවාහන කරන ත්‍රීරෝද රථවල ඉන්ධන පංගුව ඉහළ දැමීමට කටයුතු කළ බවත් ත්‍රීරෝද රථ හිමියෝ වැඩි දුරටත් පවසති. 



අදහස් (7)

ෂෙඩ්වලත් ඉන්ධන ජාවාරමක්

Perera Friday, 03 March 2023 01:57 PM

ඕක තමයි ක්‍රමවේදය .QR කේතය නාමමාත්‍රයි .පොම්ප කරූට 500 ක් දුන්නම මගේ වාහනේ ලීටර් 90 ටැංකිය පුරවගන්නවා

:       4       5

de silva Friday, 03 March 2023 03:09 PM

ඕක කවුරුත් දන්නා රහසක් .නමුත් කවුරුවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ

:       4       5

de silva Friday, 03 March 2023 03:24 PM

QR කේතය හරහා වාහන වලට දෙන ඉන්ධන ප්‍රමාණයන් 20 % කින් වැඩි කරන්න ,පස්සේ ඉන්ධන හිඟයක් ආවොත් පුළුවන් අඩු කරන්න

:       0       15

Hemantha Friday, 03 March 2023 03:27 PM

දෙහිඅත්තකන්ඩිය ,සිරිපුර හොදයි හොර වැඩ නෑ

:       2       1

saman Saturday, 04 March 2023 01:27 PM

පහුගිය කාලයේ කළ දේවල් තමයි ඵලදෙන්නේ...!

:       0       0

K K r Sunday, 05 March 2023 07:58 AM

ඕකුන්ට හෙනම ගහපන් .අපේ සල්ලි ගසා කනවට

:       0       0

Achintha Sunday, 05 March 2023 11:48 AM

සතියකට ලීටර් 05ක් මදි.. ලීටර 10ක් ලැබෙන්නේ නැහැ... පුළුවන් නම් ලීටර 10ක් දෙන්න... ගොඩක් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 331 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 502 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site