IMG-LOGO

ශ්‍රී පාද වන්දනාවේ ගිය 5කට කොරෝනා

(ජේ.කේ.එල් චාමින්ද)

 
ශ්‍රීපාද වන්දනාවේ ගිය,  ගාල්ල  විද්‍යාලයක රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් 04 දෙනෙකුට හා ක්‍රීඩකයකුගේ මවට  කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
 
රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් 12 දෙනෙකු දෙමව්පියන් සමග ජනවාරි 17 වැනිදින  ශ්‍රීපාදවන්දනාවේ ගොස් ඇත. මේ අතරින් ක්‍රීඩකයින් දෙදෙනෙකු හික්කඩුව ප්‍රදේශයේ හා අනික් අය විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් ය. 18 වැනිදින  මෙම පිරිස නුවරඑළිය බලාගොස් එහි ලැගුම්හලක එකක නතරවී සිට ඇති බවද යලි මොවුන් ගාල්ලට පැමිණ ඇති අතර එහිදි රගර් ක්‍රීඩකයකුගේ මවට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද ඒ මහතා පවසයි.
 
මොවුන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලීනිවසක පදිංචිව සිට ඇත. පසුව රගර් ක්‍රීඩකයාට කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි ඔහුද ආසාදිතයකු බව තහවුරුවී ඇත. පසුව හික්කඩුව ප්‍රදේශයේ පදිංචි රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනාට ද පි.සි.ආර් පරික්ෂණවලදි කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. මෙම පි.සි ආර් පරික්ෂණ කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකර තිබේ.
 
පාසල් රගර් ක්‍රිඩකයින් 04 දෙනා කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ සිට අම්බලන්ගොඩ පොල්වත්ත කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා යොමුකරණ බවද ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

 



අදහස් (1)

ශ්‍රී පාද වන්දනාවේ ගිය 5කට කොරෝනා

Prina Thursday, 21 January 2021 10:08 AM

අපි දරුවෝ පාසල් යවලා උගන්නගන්න බැරිව ඉන්නවා කොරෝනා නිසා...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 334 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 506 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 203 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site