IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ශ්‍රීලනිපයේ ඊළඟ අපේක්ෂකයා ජනපති බව සමරසිංහ කියයි

(නිමල කොඩිතුවක්කු)
 
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බවත් එය පක්ෂයේ සියලූම දෙනාගේ ඒකමතික අපේක්ෂාව බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක මහින්ද සමරසිංහ මහතා කොළඹදී අද (9) පැවසීය.

ජනාධිපතිවරණය කලින් පැවැත්වීමේ කිසිදු වුවමනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව පෙන්වා දුන්  සමරසිංහ මහතා එය නියමිත දිනට පමණක් පවත්වන බවත් කියා සිටියේය.

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිරන්තරයෙන් සාකච්ඡා සිදුකරමින් පවතින බවද ඔහු සදහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා සියයට 50ක් අපේක්ෂකයකු ලබා ගත යුතු බව සඳහන් කළ ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 42% ඡන්ද ප‍්‍රතිශතයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියයට 15ක ඡන්ද ප‍්‍රතිශතය හිමිවූ විට මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඊළඟ ජනාධිපතිවරණය පහසුවෙන්ම ජයගත හැකි බවයි.

කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (9) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
 



අදහස් (0)

ශ්‍රීලනිපයේ ඊළඟ අපේක්ෂකයා ජනපති බව සමරසිංහ කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


නාවුල ජය ජාජබට
2025 මැයි මස 07 46 0



නිවසේ ආරක්ෂාවකට සිටි පී.සී ජිප් රියකට වෙඩි තබයි
2025 මැයි මස 07 731 0

අපරාධයක වින්දිතයකුගේ මතුගම බාලිකා පාරේ නිවසක ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ටි 56 රාජකාරි ගිනි අවියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාත




මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 876 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 220 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1272 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site