IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


වී අලෙවි මණ්ඩලයේ ලක්ෂ දාහක වී තොග අතුරුදන්

(අංජුල මහික වීරරත්න)

වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහක තිබූ රුපියල් ලක්ෂ දහසක් වටිනා වී තොග අතුරුදන් වී ඇතැයි කෘෂි කර්ම අමාත්‍යාංශය පවසයි.

අදාල සොරකම සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ අභ්‍යන්තර සේවක පිරිසක් කෘෂිකර්ම  අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී ගබඩා පහක මේ සොරකම සිදුව ඇත.

අදාල සොරකම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් දින තුනක් ඇතුළත ලබා දෙන ලෙස කෘෂිකර්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට නියෝග කළේය.

අදාළ වාර්තාව ලැබුණු වහාම මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා රහස් පොලිසියට බාරදෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

2020 -2021  කාල පරිච්ඡේදයේ මිලදී ගත් වී තොගයක් මෙලෙස අස්ථානගත වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.



අදහස් (13)

වී අලෙවි මණ්ඩලයේ ලක්ෂ දාහක වී තොග අතුරුදන්

abaran Monday, 23 October 2023 01:16 PM

දේශපාලඥයින්ට විතරක් ඇඟිල්ල දිකරලා වැඩක් නැහැ පේනවනේ නිලධාරී පැලැන්තියත් ( බොහෝ දෙනෙකු) හොරකම් කරන්නේ හිටගෙන .

:       2       21

සුනිමල් Monday, 23 October 2023 01:25 PM

කුරුණෑ ගල විතරයි ඔය පැත්තේ ඉන්නෙ පාලකයො ආනයනය කරන මිනිස්සු කියලා අහන්න ලැබුනා ඒ කියන්නෙ මංත්‍රී කමටත් උගතෙක් බුද්ධිමතෙක් නැහැ කියලා තමයි ඔක්කොමලා ඉතින් කවුද කියන්න අවශ්‍ය නැහැනේ රාජකීය දෙයක් කැඩුවම මොකක්ද හොල්ලන්න දෙන්නෙ නැහැ කිව්වා නම් අනෙකුත් වැඩ මොනවාද ඩාලිං

:       2       12

රංබොඩ Monday, 23 October 2023 01:57 PM

හැම තැනකම හොරු. උගත් නූගත් බේදයක් නෑ. වෘත්තිය සමිති පිහිටුවගෙන කරන්නෙත් හොර කම්ම තමා. ⁣මේ හොරකම් නතර වුණා.නම් රට එතනින්ම ගොඩ

:       1       22

Dayan Monday, 23 October 2023 02:03 PM

කලිසමේ උකුල් සාක්කුවෙන් එලියට ගන්න ඇති. ආරක්ෂාව නියමයි සර්!

:       0       7

සමන් Monday, 23 October 2023 02:08 PM

මෙහෙම වෙන්න නම් ඇම⁣තියො මොකටද......අවසානෙට උන් සේවය මොකක්ද..

:       3       10

අරවින්ද මොනරවිල Monday, 23 October 2023 03:41 PM

කුරුණෑගල නම් අහන්න දෙයක් නැහැ, ලොකු මයිනායි ජොනියයි එකතුවෙලා වැඩේ දෙන්න ඇති.

:       4       14

Akila Monday, 23 October 2023 04:56 PM

පුදුම වෙන්න දෙයක් නැහැ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි පොහොට්ටුවේ ලොකුම හොරු ටික ඉන්නේ...!

:       0       0

පැරකුම් Monday, 23 October 2023 05:56 PM

මොකක්ද මේ රටට වෙච්චදේ? වංචාව, දූෂනය ඉහවහා ගොහින්. රාජ්‍ය ආදායම එකතු කරන දූෂිත නිලධාරීන් නිදැල්ලේ සිතූදේ කරනවා. දේශපාලුවෝ ඊට හපන්. මුලුරටම හොරගුහාවක්. මේ රට ගොඩගන්න කාටවත් ඕනකමක් නැත්තේ ඇයි?

:       0       0

ගොවිරාළ Monday, 23 October 2023 06:02 PM

මොකටද අනේ 2020 අවුරුද්දේ වී. ඒවා තිබුණත් වැඩක් නැහැ සාමාන්‍යයෙන් දැන් කාලයේ තියෙන වී අවුරුද්දක් පහුවුණාම කන්න බැහැ. වී අලෙවි මණ්ඩලයේ ලොක්කෝ මේවා කළමනාකරණය කරන්නේ නැහැ කියලා කියන්න පුළුවන්... ඇත්තටම අමාත්‍යාංශයේ වේවා... එහෙම නැත්නම් ආහාර දෙපාර්තමේන්තුව තිබේ නම් එය වේවා මාසිකව හෝ දෙමාසිකවවත් ප්‍රගති සමාලෝචනයක් කළොත් මෙහෙම වෙන්නේ නැහැ. ඔය ආයතන ඉස්සර නම් දිසාපතිතුමන්ලා පාලනය කළ නිසා ඔහොම නාස්ති වුනේ නැහැ. දැන් ඉතින් දිස්ත්‍රික් ලේකම්ලා ඕවා බලන්නේ නැතුව ඇති. එ නිසා නැවතත් ආහාර දෙපාර්තමේන්තුව ඇති කර වී ගොවිතැන මහා පරිමාණයේ කරන දිස්ත්‍රික්කවලට සහකාර ආහාර පාලක නිලධාරින් පත්කර ක්‍රමවත් බවක් ඇති කරන්න නාස්තිය වළක්වන්න මේවා වෙන්න බලවත් දිසාපති තනතුර අහෝසි කිරීමත් හේතුවක් වුණා..

:       0       0

PGPThilak Monday, 23 October 2023 08:50 PM

ජවිපෙ ,සජබෙ ඇතුළු විපක්ෂ කණ්ඩායම්වල රාජයේ නිලධාරීන් හොර වැඩ හෙළිකර දඬුවම් දීමට ඇති උනන්දුව මේ හොරකම ගැන ක්‍රියාකරන විදියෙන් මැන බලමු...!

:       0       0

Rata Perata Monday, 23 October 2023 09:11 PM

අරක්කු බිස්නස් කරන හොරෙක්නේ ඉන්නේ ඔය පැත්තේ... අපේ රටේ ආණ්ඩුවක් තියෙනවද කියලත් හිතෙනවා... මේ කාලකණ්ණි එළවන්න වෙලාව හරි..

:       0       0

Ajantha Tuesday, 24 October 2023 12:52 PM

මීයෝ කෑවා වෙන්න බැරිද? ඇමැතිගේ වාර්තාවෙන් ඒක ඔප්පුවෙයා කියලා මට හිතෙනවා.

:       0       0

Bamunuarachchi Wednesday, 25 October 2023 06:08 AM

වී මලු ලොරි වලට පටවන විට ගබඩා පාලනය කරන කෙනාගේ දැනුවත්කමත් ඇතුව වැඩිපුර වී මිටි දහය ගණනේ පැන්නුවාම ඔවුන්ගේ ගාන ෂේප්... වැඩේ ඇසුවෙනකොට පටවපු එවුනුත් ගබඩා පාලකත් මාරුවෙලා ගිහිල්ලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site