(රංජන් කස්තුරි)
වසර ගණනාවක් තිස්සේ වෛද්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු පවතින නමුත් ඒවා පිරවීමට සෞඛ්‍ය බලධාරීන් උනන්දු නොවන බවට පත්වීම් අපේක්ෂාවෙන් පසුවන වෛද්‍යවරු පවසති.
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තනතුරු සහ රටපුරා රෝහල් ගණනාවක අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩු පවතින අතර ඒවායේ කටයුතු කරමින් ඉන්නේ වැඩබලන අධ්‍යක්ෂවරුන්ය.
ඉකුත් 2019 වසරේදී නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන සේවයට බඳවාගත් නිලධාරීන්ට වසර තුනක සේවාකාලයක් නොමැතිවීම නිසා ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන ශ්‍රේණියට උසස් වීමට බාධා පැමිණ තිබෙන බවද එම වෛද්‍යවරු කියති.
වෛද්‍ය පරිපාලන සේවයට පත්වීම් ලැබූ දිනයට පෙරදාම යොදා එම බධාව ඉවත් කරන්නැයිද එම වෛද්‍යවරු සඳහන් කරති.
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන ශ්‍රේණියට උසස්වීම් නොලැබුවද බොහෝ පිරිසක් මේ වනවිට එම ශ්‍රේණියට අදාල තනතුරුවල වැඩබලන බවද එම වෛද්‍යවරු කියති.
ඉකුත් 2010 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ වෛද්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීම් සිදු නොවූ හෙයින් පෙරදාතම යෙදීමේ බධාවක් මතුනොවන බවද ඔවුහු කියති.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෛද්‍ය පරිපාලන සේවයේ තවමත් පුරප්පාඩු