(අංජුල මහික වීරරත්න)
මෙවර වෙසක් උත්සවය ජාතික මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ඉතා උත්කර්ෂවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සැලසුම් කර තිබෙන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.
ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේ “බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය” පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති මූලික සාකච්ඡාවේ දී ය.
හුණුපිටිය, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි සහ ආචාර්ය පල්ලේගම රතනසාර හිමිවරු ද ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මීට සහභාගී වී සිටියහ.
“බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය” 2023 මැයි 05,06 සහ 07 යන තෙදින කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍ර ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.
ජාතික වෙසක් කලාපයක් ලෙස නම් කරමින් වැඩසටහන් රැසක් ද සමගින් එය සංවිධානය කර තිබෙන බව කිරින්දේ අස්සජි හිමියෝ පැවසූහ.
මැයි මස 5 වන දිනට යෙදෙන වෙසක් පොහෝ දින, ගංගාරාම විහාරස්ථානයේ සිල් සමාදන් කරවීමේ වැඩසටහන පැවැත්වෙන අතර වෙසක් කලාපය කොඩි, ධජ පතාක, අටපට්ටම් කූඩු සහ විදුලි බුබුළු වලින් සැරසීම, මල් පෙරහර පැවැත්වීම, තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් රැසක් ඊට සමගාමීව සංවිධානය කර තිබේ.
බොදු බැති ගී ගායනය ජනාධිපති කාර්යාලය සහ ගංගාරාම විහාරස්ථානයේ ප්‍රධාන වේදිකාව ආශ්‍රිතව පැවැත්වීමට නියමිත අතර ගංගාරාම විහාරස්ථානයේ සහ ජනාධිපති කාර්යාලය අසල වෙසක් දන්සැල් පැවැත්වීමට ද නියමිතය.
එමෙන්ම සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට වෙසක් මංගල්‍යය මහඟු අවස්ථාවක් බව පෙන්වා දුන් අස්සජි හිමියෝ රට ආර්ථික වශයෙන් යළි ශක්තිමත් වෙමින් පවතින මේ අවස්ථාවේ ධනාත්මකව සිතා යහපත් ප්‍රවේශයක් ලබා ගැනීමට සහ ජනතාවගේ අධ්‍යාත්මය පෝෂණය කිරීමට එය ඉවහල් වන බව පැවසූහ.
“බුද්ධ රශ්මි වෙසක් කලාපය” සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සියලුදෙනාගේ සහාය ලබා ගැනීම අපේක්ෂාව වන අතර ඒ සඳහා සියලුදෙනා දායකවනු ඇති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙහිදී සඳහන් කළේය.
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වෙසක් උත්සවය ඉහළින්ම සමරයි
Chathuri Thursday, 23 March 2023 02:27 AM
ණය මුදල් ලැබෙන්නත් කලින් පිනා පින් වැඩ පටන් ගත්තාද. පන්සල් වල තියෙන පින්කැටයෙ මුදල් මේවාට වෙන් කර ගන්න කියලා හමුදුරුවරු දැනුවත්කරන්න. ධනය ජනතාවගෙන් අඩු නැතිව ලැබෙනවා දායකයො බිල් ගෙවලා. කටින පුජාවත් කරනවා. පින් කැට වලට එකතු වෙන මුදල් ගැන හොයලා බලලා ඒ මුදලින් වෙසක් සමරන්න කියන්න. රජයට කලබල වෙන්න අවශ්‍ය නැහැ